මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින්, රටේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදි ඔහු පැවසුවේ, “මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ? නෑ නේද? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ” යනුවෙනි.
රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු “පොඩි පොඩි” වශයෙන් තිබෙන බව පිළිගත් ඒ මහතා, වර්තමාන රජයට කිසිදු පාර්ශවයක සහයෝගයක් නොමැති තත්ත්වයක් තුළ, “දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා” තිබෙන බව සඳහන් කළේය.
“ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද?” යනුවෙන් ප්‍රශ්න කළ ඒ මහතා තවදුරටත් කියා සිටියේ, “ඔය සමහර නායකයො අද එක එක දේශපාලන පක්ෂවලින් මහජන මන්ත්‍රීවරු වුණාට ඒගොල්ලො IRC කාරයො” බවයි.
මහජනතාව ඡන්දය දුන්නේ සභාපතිවරුන් වීමට නොවන බවත්, ඔවුන් එකතුවී අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහස විය.


