ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවලින් 2025 වසරේ දී ළමා අපචාර සිද්ධීන් 86ක් වාර්තා වී ඇති බව ඇල්පිටිය පොලිස් කාන්තා කාර්යාංශය පවසනවා.
එම සිද්ධීන්වලින් සිසුවියන් හය දෙනකු ගැබිනියන් බවට පත් වී ඇති බවත් ජංගම දුරකථන භාවිතය හේතු කොට ගෙන බොහොමයක් සිද්ධීන් වාර්තා වී ඇති බව ඇල්පිටිය පොලිස් කාන්තා කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසනවා.
පසුගියදා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව සංවිධානය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් සඳහා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ළමා ඉතුරුම් සුරකුම් සම්බන්ධව පැවැත් වූ වැඩමුළුවකදී
පොලිස් කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් නිශාධි ලක්මාලි මහත්මිය එසේ පැවසුවා.
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල අඩු ආදායම්ලාභී ළමුන් විසින් ළමා ඉතුරුම් සුරකුම් පිළිබඳව චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර එම චිත්‍ර ප්‍රදර්ශනයෙන් ජයගත් සිසුන් හට තිළිණ ප්‍රධානය ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව සංවිධානයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ලි මහතා විසින් සිදු කරනු ලැබුවා.
මෙම අවස්ථාවට ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අඩු ආදායම් ලාභී පවුල් රැසක දරුවන් සහ දෙමාපියන් රැසක් සහභාගි වු අතර ළමුන් විසින් මේ අවස්ථාවේදී නර්තනාංග රැසක් ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා කොරියා මිත්‍ර සංගමය මෙය සංවිධානය කර තිබුණා.

