ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 25ක දැවැන්ත බද්ධක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

දැනට සති තුනක පමණ කාලයක සිට ඉරානය පුරා පැතිර යන රජයට එරෙහි විරෝධතා මර්දනය කිරීමට ටෙහෙරාන් පාලනය ගන්නා උත්සාහයන්ට එරෙහිව පීඩනය වැඩි කිරීම මෙම පියවරේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, මෙම බදු පැනවීම “ක්ෂණිකව ක්‍රියාත්මක වන” බවයි.

“ඉරාන ඉස්ලාමීය ජනරජය සමග ව්‍යාපාර කරන ඕනෑම රටක්, අමෙරිකා එක්සත් ජනපදය සමග සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25ක බද්දක් ගෙවිය යුතුය,” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබුණා.

මෙම නියෝගය “අවසන් සහ තීරණාත්මක” එකක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ධවල මන්දිර ප්‍රකාශක කැරොලයින් ලෙවිට් සඳහන් කළේ, ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර ඇතුළු හමුදාමය ක්‍රියාමාර්ග තවමත් අවසන් වී නොමැති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටලුව විසඳා ගැනීමට ටෙහෙරානය කැමැත්ත පළ කර ඇති බවටද වාර්තා පළ වෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version