මැදපෙරදිග කලාපයේ ආරක්ෂක ආතතිය තවදුරටත් උත්සන්න කරමින්, Iran විසින් නිකුත් කළ දැඩි අනතුරු ඇඟවීමක් අනුව ඇමරිකානු නාවික හමුදා නෞකාවක් හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමෙන් පසු ආපසු හැරී ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන බලධාරීන් අනතුරු ඇඟවූයේ, හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම ඇමරිකානු හමුදා නෞකාවකට මිනිත්තු 30ක් ඇතුළත ප්‍රහාර එල්ල කළ හැකි බවයි. එම ප්‍රකාශයෙන් පසු, අදාළ නෞකාව එම මාර්ගයෙන් ඉවත්ව ගිය බවට වාර්තා පළ වී ඇත.
මෙම ක්‍රියව සිදුකොට තිබෙන්නේ ඉස්ලමාබද් හි පැවැත්වෙන එක්සත් ජනපදය සහ ඉරානය අතර උසස් සාම සාකච්ඡා අතරතුරය. දශක ගණනාවකට පසුව දෙරට අතර සිදුවන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් ලෙස මෙය සැලකේ.
වාර්තා අනුව, Fujairah Port සිට හෝර්මූස් සමුද්‍ර සන්ධිය දෙසට එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් ගමන් කරමින් තිබූ බවට තොරතුරු පළ වීමෙන් පසු තත්ත්වය තවත් උත්සන්න වී ඇත. ඉරාන පාර්ශවය විසින් මෙම වර්ධනය පිළිබඳව ඉස්ලාමාබාද්හි සිටින තම නියෝජිත පිරිසට ද දැනුම් දී ඇති බව සඳහන් වේ.
මෙය සතිය මුලදී ආරම්භ වූ සටන් විරාමයකට පසුව ඇති වූ පළමු ප්‍රධාන ආරක්ෂක උත්සන්න වීමක් ලෙස විශ්ලේෂකයින් සඳහන් කරයි.
ඒ අතරතුර, Donald Trump විසින් Truth සමාජ වෙබ් වේදිකාව ඔස්සේ කළ ප්‍රකාශයකදී, “ලෝකයට අනුග්‍රහයක් ලෙස හෝර්මූස් සමුද්‍ර සන්ධිය සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත” යනුවෙන් සඳහන් කර තිබේ.
හෝර්මූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහ මාර්ගයකින් එකක් වන අතර, එහි ඇතිවන ඕනෑම ආරක්ෂක ගැටළුවක් ජාත්‍යන්තර වෙළඳපොළට සහ බලශක්ති සැපයුමට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෘජු නිල තහවුරු කිරීම් තවමත් සීමිත වන අතර, තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රතිචාර බලාපොරොත්තු වෙයි.

