මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
ඒ, පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේ ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේදීය.
මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක් ද එක්වෙති.
සාම සාකච්ඡා හේතුවෙන් ආරක්ෂාව දැඩිකර තිබූ අතර ඉස්ලාමාබාද් නුවරට පිවිසෙන පුද්ගලයින් හා රථ වාහන ද අද (11) දැඩි පරීක්ෂාවට ලක් කෙරුණා.
1979 වසරෙන් පසු එනම් වසර 47 කට පසු අමෙරිකාව හා ඉරානය එක්ව සිදුකරන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඍජු සාකච්ඡාව මෙය වීමත් විශේෂත්වයකි.

