
උතුරු හා නැගෙනහිර පළාත්වල සුදුසු භූමි තෝරාගෙන එහි තල් බීජ එක්ලක්ෂ විසිදාහක් රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මේ සඳහා මිලියනයක් වෙන් කර ඇත.තවදුරටත් තල් වගාව ප්‍රවර්ධන කිරීම සඳහා ඔක්තෝබර් මාසය තල් වගා මාසය ලෙස නම් කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රීක් ලේඛම් කාර්යාල සම්බන්ධ කරගනිමින් නව වගා වැඩසටහන් විවිධ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කර තිබේ. ඉහළ වැවිලි හැකියාවක් හා නිවරදි වගා ක්‍රම තහවුරු කර ගැනීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය විසින් තාක්ෂණික මාර්ගෝපදේශන සහ උසස් ගුණාත්මක බීජ සැපයීම සිදු කරයි. උතුරු පළාතට අමතරව නැගෙනහිර පළාතෙත්. ත්‍රීකුණාමල, අම්පාර යන දිස්ත්‍රීක්කයන්හීදීද, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රීක්කය හා උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේද, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේද, තල් ගස වගා කිරීමේ කටයුතු සිදු කරයි. 2023 අවුරුද්දේ අපනයන ආදායම රුපියල් මිලියන 57.83 කි. මේ අවුරුද්දේ මුල් මාස හතරේ විතරක් මිලියන 203.19ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ තල් ආශ්‍රීත පුහුණු වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි.
#newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical

