Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කුරුල්ලන්ගෙන් මිනිසාට වැළදෙන වසංගතයක් පිළිබඳ ඉන්දියානු විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්
    උණුසුම් පුවත්

    කුරුල්ලන්ගෙන් මිනිසාට වැළදෙන වසංගතයක් පිළිබඳ ඉන්දියානු විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 18, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුල්ලන්ගෙන් මිනිසාට වැළඳෙන කුරුළු උණ යම් දිනෙක ගෝලීය අර්බුදයක් දක්වා ඔඩුදුවන බවට වසර ගණනක් තිස්සේ විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම යථාර්ථයක් වෙමින් ඇති බව විදෙස් වාර්තාවන්හි අනතුරු අඟවා තිබෙනවා. 

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන පරිදි, H5N1 යන කුරුළු උණ වර්ගය, 2003 සිට 2025 අගෝස්තු දක්වා රටවල් 25 කින් ආසාදිත රෝගීන් 990 ක් වාර්තා වුණා. 

    මෙම කාලය තුළ මරණ 475 ක් සිදුව ඇති අතර, එය 48% ක මරණ අනුපාතයක්. 

    අමෙරිකාවේ පමණක්, මෙම වෛරසය පක්ෂීන් මිලියන 180 කට වඩා ආසාදනය වී තිබෙන බව සඳහන්. 

    ප්‍රාන්ත 18 ක කිරි ගව පට්ටි 1,000 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති බවයි වාර්තාවන්නේ. 

    අමෙරිකාවේ අවම වශයෙන් පුද්ගලයන් 70 දෙනෙකුට ආසාදනය වී ඇති අතර, රෝහල්ගතවීම් කිහිපයක් සහ එක් මරණයක් වාර්තා වී තිබෙනවා. 

    ඉන්දියාවේ නාග්පූර්හිදී, ජනවාරි මාසයේදී කොටි තුන් දෙනෙකු සහ දිවියෙකු මෙම වෛරසයෙන් මිය ගියා. 

    අශෝක විශ්ව විද්‍යාලයේ ඉන්දීය පර්යේෂකයන් වන ෆිලිප් චේරියන් සහ ගෞතම් මෙනන් විසින් BMC Public Health ජර්නලයේ මෙම නව ආකෘතිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    පර්යේෂකයන් සඳහන් කරන්නේ, කුකුළු මස් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන ඉන්දියාවේ තමිල්නාඩුවේ නාමකල් දිස්ත්‍රික්කයේ එක් ගම්මානයක් ආකෘතිගත කර ඇති බවයි. 

     නාමකල්හි කුකුළු ගොවිපළවල් 1,600 කට වඩා සහ කුකුළන් මිලියන 70 ක් පමණ සිටින අතර දිනකට බිත්තර මිලියන 60 කට වඩා නිෂ්පාදනය කරනවා. 

    අනුකරණය සඳහා පදිංචිකරුවන් 9,667 දෙනෙකුගෙන් යුත් කෘත්‍රිම ප්‍රජාවක් භාවිතා කර තිබෙනවා. 

    මෙම ආකෘතිකරණයේ ප්‍රධාන නිගමනය වන්නේ වසංගතය පාලනය කිරීම සඳහා ඉතා කෙටි කාලයක් පමණක් ඇති බවයි. 

    ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගත් වහාම ප්‍රාථමික සම්බන්ධතා ඇති අයගේ පවුල් නිරෝධායනය කළහොත්, වසංගතය බොහෝ දුරට සාර්ථකව පාලනය කළ හැකි බව සඳහන්. 

    කෙසේ වෙතත්, රෝගීන් සංඛ්‍යාව දෙදෙනෙකුගේ සිට 10 දක්වා වැඩි වූ පසු, රෝගය ප්‍රාථමික හා ද්විතීයික සම්බන්ධතා ඉක්මවා ගොස් ඇති බවට දැඩි සම්භාවිතාවක් ඇති බවයි පැවසෙන්නේ. 

    රෝගීන් 10 දෙනෙකු හඳුනා ගන්නා විට, ආසාදනය පුළුල් ජනගහනයකට ව්‍යාප්ත වී තිබීමට ඉඩ පවතිනවා. 

    පර්යේෂකයන් පවසන්නේ කුරුල්ලන් ඝාතනය කිරීම ඵලදායී වන්නේ වෛරසය මිනිසෙකුට ආසාදනය වීමට පෙර පමණක් බවයි. වෛරසය මිතුරන්ගේ මිතුරන්ට හෝ සම්බන්ධතා ඇති පුද්ගලයින්ගේ සම්බන්ධතා දක්වා (තෘතියික ආසාදන) ව්‍යාප්ත වුවහොත්, බලධාරීන් විසින් සම්පූර්ණ අගුලු දැමීම් (lockdowns) ඇතුළුව වඩා දැඩි පියවර පැනවීමෙන් තොරව වසංගතය පාලනය කර ගත නොහැකි බව පර්යේෂකයන්ගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.