ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතකයාට ජපාන අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.
45 හැවිරිදි ටෙට්සුයා යමගාමි විසින් 2022 වසරේදී අබේට වෙඩි තබා මරා දැමූ බව ඔහු පිළිගෙන තිබුණා.
මුළු රටම කම්පනයට පත් කළ මෙම අපරාධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ නීතිඥයන්, මෙය “පශ්චාත් යුධ සමයෙන් පසු ඉතිහාසයේ සිදු වූ පෙර නොවූ විරූ සිදුවීමක්” ලෙස හැඳින්වූවා.
එමෙන්ම මෙම මිනීමැරුමෙන් සමාජයට අතිශය බරපතල බලපෑම් එල්ල වූ බව පවසමින් ඔවුන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, යමගාමිගේ නීතිඥයන් අධිකරණයේදී තර්ක කර තිබුණේ ඔහුට ලබා දිය යුතු උපරිම දඬුවම වසර 20 ක සිරදඬුවමක් විය යුතු බවයි.

