දේශපාලකයන්ට තමන්ට විරුද්ධ වූ පමණින් මාධ්‍ය තහනම් කිරීමට හෝ මර්දනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කරනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, දේශපාලනඥයෙකුට තිබෙන හොඳම මගපෙන්වීම ජනමාධ්‍ය බවයි.
දේශපාලනය සහ මාධ්‍ය යනු එකිනෙකට වෙන් කළ නොහැකි, පූර්ණකාලීන කාර්යයක් බවත්, මාධ්‍ය නොමැතිව දේශපාලන ගමනක් යා නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
රට තුළ සිදුවන අසාධාරණකම් සහ අයුතුකම් පෙන්වා දෙන්නේ මාධ්‍ය මගින් බවත්, එවැනි අවස්ථාවලදී මාධ්‍ය දේශපාලකයන්ට එරෙහි වීම සාධාරණ බවත්, එවැනි අවස්ථාවකදී මාධ්‍ය තහනම් කිරීම සඳහා දේශපාලකයින්ට අවස්ථාවක් නොමැති බවටත් ඔහු මෙහිදී පැවසුවා.
මාධ්‍ය තහනම් කිරීම හෝ සීමා කිරීම වැනි ක්‍රියාවන් සිදු වන්නේ ඒකාධිපති රාජ්‍යයන් තුළ පමණක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි මර්දනයන් සඳහා ඉඩක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළා.

