එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබෙනවා.

එම තනතුරට අමතරව ඔහුට කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ලබාදී තිබෙනවා.

2026 ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් ජනවාරි මස 10වනදා ලංකාවට පැමිණීමට නියමිතයි.

තවද ඇමෙරිකානු කණ්ඩායම සිය ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇමෙරිකාව ක්‍රීඩාකරන පළමු තරගය පෙබරවාරි 7වනදා ඉන්දියාවට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version