ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව බිහි වූ දුර්වලම ආණ්ඩුව නිර්මාණය වී ඇති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.
එම දුර්වල ආණ්ඩුව හේතුවෙන් රාජ්‍යයත් දුර්වල වී යන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
රාජ්‍යය සහ ආණ්ඩුව යනු දෙකක් බවත්, රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් නීතිපති පත් කර, ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නැටවිය හැකි පුද්ගලයන් දමා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

