Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පසුගිය ආණ්ඩු විසින් ඉන්ධන හා ගෑස් මිල වැඩි කරන විට මුළු රට පුරා විරෝධතා පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට කිසිදු ලැජ්ජාවක් නැද්ද?
    උණුසුම් පුවත්

    පසුගිය ආණ්ඩු විසින් ඉන්ධන හා ගෑස් මිල වැඩි කරන විට මුළු රට පුරා විරෝධතා පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට කිසිදු ලැජ්ජාවක් නැද්ද?

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 7, 2026Updated:April 7, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ආණ්ඩු විසින් ඉන්ධන හා ගෑස් මිල වැඩි කරන විට මුළු රට පුරා විරෝධතා පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නොමැතිව අතිවිශාල මුදලකින් විදුලිය හා ගෑස් මිල වැඩි කිරීමට ක්‍රියාකර ඇති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු සුජිත් සංජය පෙරේරා ප්‍රකාශ කරනවා.

    සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මේ බව පැවසුවා.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසුවා.

    ‘‘ජාතික ජනබලවේග ආණ්ඩුව විශාල පොරොන්දු ගණනාවක් ජනතාවට ලබාදී ජනතාවගේ ඡන්දය මංකොල්ල කන්න කටයුතු කළා. ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන වසරකට වැඩි කාලයක් ගත වී ගොස් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව බලය ලබාගෙන රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න , ජනතාවට ජිවන මට්ටම ඉහළ නංවන්න , රටේ උද්ධමනය අඩු කරන්න ආණ්ඩුව කිසිවක් සිදුකරලා නැහැ.

    ආණ්ඩුව තවදුරටත් රටේ ජනතාව මුලාවට පත් කරමින් කටයුතු කරන්න උත්සහ දරමින් සිටිනවා.

    අද රටේ ජනතාවට ඉන්ධන මිල , ගෑස් මිල , විදුලි බිල දරන්න බැරි තත්ත්වයට ඉහළ ගොස් තිබෙනවා.

    පසුගිය ආණ්ඩු විදුලිබිල , ගෑස් මිල , ඉන්ධන මිල වැඩි කරන්න උත්සහ කළ අවස්ථාවේ ආණ්ඩුවේ පිරිස් විපක්ෂයේ සිටින විට රටපුරා උද්ඝෝෂණ විරෝධතා පවත්වන්න කටයුතු කරනු ලැබුවා.

    ඒ වගේම ඉන්ධන ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලට අයකරන බදු ඉවත් කර ජනතාවට සහන ලබා දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව බදු අඩු කරන්න කිසිදු පියවරයක් මේ වනතුරු ගෙන නැහැ.

    ඒ වගේම රට තුළ අර්බුදකාරි තත්ත්වයක් ඇතිවන අවස්ථාවල , විසදා ගැනීමට නොහැකි ප්‍රශ්න රටතුළ ඇතිවන අවස්ථාවලදී සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයට චෝදනා එල්ල කරනු ලබනවා.

    ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය හරහා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශ විකෘති කර සමාජගත කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා.

    මේ සියල්ල ආණ්ඩුව සිදුකරන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමටයි. ඒ වගේම අර්බුදකාරි අවස්ථාවල විපක්ෂය බොරදියේ මාළු බාන්න උත්සහ කරන බව ආණ්ඩුවට සහාය ලබාදිමට විපක්ෂය කටයුතු නොකරන බවත් ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් ප්‍රකාශ කරනු ලබනවා.

    කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සිදුවුණ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති හෝ අගමැති නෙවෙයි. නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණ සියලුම කතෝලික දේවස්ථාන යළි සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු සලසා දුන්නා.

    ඒ වගේම කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කළා.

    කොවිඩ් අර්බුදය පාලන කරන ආකාරය පිළිබඳව එවක පැවැති ආණ්ඩුවට උපදෙස් ලබා දෙන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබුවා.

    අර්බුද පැමිණි අවස්ථාවලදී ක්ෂණිවක පියවර ගෙන දුරදක්නා නුවණින් යුතුව සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබුවා.

    ඒ වගේම රට බංකොලොත් වුණ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන ලෙස මුලින්ම එවක පැවැති රජයෙන් ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස මහතායි.

    ඒ අනුවයි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළේ. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් යම් මට්ටමකට ගොඩ ඒමට හැකියාවක් ලැබුණා. නමුත් එදත් ඔහුගේ අදහස් සමච්චලයට ලක් කරන්න ආණ්ඩු පාර්ශ්වය කටයුතු කළා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා කියපු දේවල් ක්‍රියාත්මක කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026

    අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

    April 7, 2026

    නවතමජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩිවී ඇත.

    April 7, 2026

    රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර කිරීමේ චෝදනා මතසරත් කෝන්ගහගේ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

    April 7, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ වැටලීම් තුනකදී බලපත්‍ර නොමැතිව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් විශාල…

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026

    අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

    April 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026

    අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

    April 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.