තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
තිරගත වීමට සතියක් ඉතිරිව තිබියදී, පළමු දින ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක් චිත්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් මිලියන 150ක ආදායමක් උපයා ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහිදී විදේශීය ආදායම කැපී පෙනෙන අතර, උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පමණක් රුපියල් මිලියන 110ත් 120ත් අතර මුදලක් වාර්තා වී තිබෙනවා,
ඉන්දියාව තුළ දැනට කර්නාටක සහ කේරළ ප්‍රාන්තවල පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කර ඇති අතර, එයින් මිලියන 30ක ආදායමක් ලැබී තිබෙනවා.
තමිල්නාඩුව තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ පසු මෙම අගය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු සහ සමාජ සේවකයකු වන තලපති විජයගේ අවසාන චිත්‍රපටය වන “ජන නායකන්” 2026 වසරේ බලාපොරොත්තු සහගත චිත්‍රපටවලින් එකක් දෙමළ සිනමාව තුළ තම ස්ථානය උරුම කර ගනිමින් පවතී. දේශපාලනයට පිවිසෙන අතරතුර චිත්‍රපට රංගනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති විජය, මෙම චිත්‍රපටය හරහා තම අවසන් තිර ආගමනය සනිටුහන් කරයි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදු කරන්නේ එච්. විනෝත් විසිනි. කේවීඑන් නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද “ජන නායකන්” විජය සමඟ පූජා හේග්ඩේ, බොබී දියෝල්, මමිතා බයිජු, ගෝතම් වාසුදේව් මෙනන්, ප්‍රකාශ් රාජ්, නාරායන් සහ ප්‍රියමණී යන නම්දහම් නළු නිළියන් සෙසු චරිත සඳහා සහභාගී වෙති.
චිත්‍රපටය තිර ගත කිරීමට නියමිත දිනය වන්නේ 2026 ජනවාරි 9 වැනිදා ය.

