බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බංග්ලාදේශයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබේ.

මොහොමඩ් අෂ්රෆුල් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අතර ඔහු ටෙස්ට් තරග 61ක්, එක්දින තරග 177ක් සහ විස්සයි විස්ස තරග 23ක් සඳහා ක්‍රීඩාකර තිබේ.

එළැඹෙන දෙසැම්බර් මාසයේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වනු ඇති බව වැඩිදුර සඳහන්ය.

බංග්ලාදේශයේ හිටපු සහාය පුහුණුකරු මොහොමඩ් සලහුදීන් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟ මෙලෙස මොහොමඩ් අෂ්රෆුල් ඒ සඳහා නම් කර තිබේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #BangladeshCricket #MohammadAshraful #CricketCoach #BangladeshTeam #CricketTraining #TestCricket #ODICricket #T20Cricket #CricketNews #SportsUpdates

Share.
Leave A Reply

Exit mobile version