බංග්ලාදේශයේ පවතින දේශපාලනික තත්ත්වය හේතුවෙන් සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය තුල බංග්ලාදේශයේ හින්දු සුළු ජාතීන්ට එරෙහිව ආගමික අපහසාත්මක චෝදනා 71ක් පමණ වාර්තා වී ඇති බව බංග්ලාදේශ සුළු ජාතීන් සඳහා වූ මානව හිමිකම් සම්මේලනය සඳහන් කළේය.

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩිවෙමින් පවතින අවස්ථාවක පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ දුම්රිතාලා, ගම්මානයේ හින්දු පවුල්වලට අයත් නිවාස 05ක් ගිනි තබා විනාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version