Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මදුරෝ අල්ලා ගත් Operation Absolute Resolve මෙහෙයුම
    උණුසුම් පුවත්

    මදුරෝ අල්ලා ගත් Operation Absolute Resolve මෙහෙයුම

    Bandara SenanayakaBy Bandara SenanayakaJanuary 4, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්ෂාකාරී සහ නීත්‍යනුකූල බල හුවමාරුවක් සිදුවනතුරු අමෙරිකාව වෙනිසියුලාව පාලනය කිරීමට අදහස් කරන බවත්, වෙනිසියුලාවේ තෙල් නිධි කළමනාකරණය කිරීමට අමෙරිකානු සමාගම් යොදවන බවත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (04) ප්‍රකාශ කළේය.

    අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගනු ලැබූ වෙනිසියුලානු ජනපතිවරයා මේ වන විට රැඳී සිටින්නේ නිව්යෝක් හි බෘෘක්ලින් නාගරික රැඳවුම් මධ්‍යස්ථානයේය. 

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු රජය තුළ සිටි CIA ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මත ජනපති නිකොලස් මදුරෝ සැඟවි සිටි ස්ථානය අමෙරිකාව විසින් සොයා ගනු ලැබූ බවය.

    වෙනිසියුලාවේ කරාකස් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන අමෙරිකාව දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ එරට වේලාවෙන් ඊයේ (03) අලුයම් කාලයේදීය.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිකුරාදා රාත්‍රී 10.45ට පමණ ජනපති ට්‍රම්ප්ගෙන් එම මෙහෙයුම දියත් කිරීමට නියෝගය ලැබී තිබුණු බවය.

    මිනිත්තු 90ක පමණ කාලයක් පුරා එම මෙහෙයුම දියත් කෙරුණි.

    ඒ අතරතුර ඊයේ අලුයම 1.01 වනවිට අමෙරිකානු හමුදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිටි ආරක්ෂිත ස්ථානයට ළඟා වී තිබුණි.

    අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සිය භාරයට ගත් අමෙරිකානු හමුදා නිලධාරීන් ජනපති යුවල රටින් පිටතට ගෙන ගොස් තිබේ.

    ඒ , මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදුකිරීම, ආයුධ සහ විනාශකාරි උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එ‍රෙහිව කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට අදාළවය.

    මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 50ක තෑගි මුදලක් ප්‍රදානය කරන බවද අමෙරිකාව නිවේදනය කර තිබුණි.

    කරාකස් හිදි හමුදා භාරයට ගත් ජනපති යුවල, අමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් මගින් කැරිබියන් මුහුදේ හෙළි නොකළ ස්ථානයක නවතා තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් ”ඉවෝ ජිමා” නෞකාව වෙත භාරදී ඇත්තේ අලුයම 3.39ටය.

    ජනාධිපති මදුරෝ ඉවෝ ජිමා නෞකාවේ රඳවා සිටියදී ලබාගත් ඡායාරූපයක් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණි.

    පසුව එහි සිට කියුබාවේ පිහිටි අමෙරිකානු නාවුක කඳවුරක් වෙතත් ජනපති යුවල රැගෙන ගොස් තිබේ.

    එතැන් සිට හෙලිකොප්ටර් යානාවකින් ජනපති නිකොලස් මදුරෝ නිව්යෝක් හි ගුවන් හමුදා කඳවුරක් වෙත රැගෙන ගොස් ඇත.

    ඒ අනුව හමුදා භාරයට ගැනීමේ සිට නිව්යෝක් දක්වා මදුරෝ ජනාධිපතිවරයා ගමන් කර ඇති දුර කිලෝ මීටර 3,300කට අධිකය.

    අමෙරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයාව එහි සිට විශේෂ ආරක්ෂාවක් යටතේ නිව්යෝක් හි බෘෘක්ලින් නාගරික රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    යුද, ගුවන්, නාවුක, අභ්‍යවකාශ සහ බුද්ධි අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මාස කිහිපයක සිට සැලසුම් කෙරුණු ”ඔපරේෂන් ඇබසොලියුට් රිසොල්ව්” නම් මෙම මෙහෙයුම සඳහා කඳවුරු 20ක සිට F-22 සහ F-35 ඇතුළු ප්‍රහාරක යානා සහ B-1 බෝම්බ හෙලන යානා මෙන්ම ඩ්‍රෝන යානා 150කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන තිබුණි. 

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම දියත් කරනු ලැබුවේ ඩෙල්ටා ප්‍රහාරක බලකාය විසිනි.

    එය අමෙරිකානු හමුදාවේ ප්‍රබලතම ප්‍රතිත්‍රස්ත අංශයයි.

    ජනපති මදුරෝ රැගෙන එමින් සිටින අතරවාරයේ ජනපති ට්‍රම්ප් අමෙරිකාවේ ෆොක්ස් මාධ්‍ය ආයතනය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පවසා තිබුණේ වෙනිසියුලා ජනපති යුවල අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව තමා සජීවීව නැරඹූ බවය.

    එය රූපවාහිනි වැඩසටහනක් නැරඹුවා මෙන් තමාට දැනුණු බව ජනපති ට්‍රම්ප් කියා ඇත.

    ප්‍රහාරයට සතියකට පෙර තමන් මදුරෝ අමතා යටත් වන්නැයි දැනුම් දුන් බවද ඔහු පවසයි. 

    එසේම මදුරෝ අල්ලා ගන්නාවිට සැඟවී සිටියේ ඝණ වානේ වලින් සෑදු බලකොටුවක් වැනි ස්ථානයක බව ජනපති ට්‍රම්ප් අනාවරණ කර තිබුණි.
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.