Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මධ්‍ය මර්ධනය ගැන පොදුජන පෙරමුණේ මාද්‍ය හමුව
    උණුසුම් පුවත්

    මධ්‍ය මර්ධනය ගැන පොදුජන පෙරමුණේ මාද්‍ය හමුව

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 26, 2025No Comments6 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ⦁ ආණ්ඩුව වැරදිසහගතව මාධ්‍ය මාර්දනයක් කර තමන් වෙත පැමිණෙන චෝදනා යටපත් කරගැනීමේ උත්සහයක්?……..

    මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර ආණ්ඩුව රාජපක්ෂවරු පිට පැටවිමට නිර්දය උත්සහයක යෙදුණද අවාසනාවන්ත ලෙස එම උත්සහය නැවත ඔවුන් වෙත පෙරලා පැමිණ ඇති බැවින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයක් කර තමන් වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය චෝදනාව යටපත් කිරීමට උත්සහ කරන බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.12.26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,
    “හිරු නාලිකාව ආණ්ඩුව ගෙනයන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගිසිටීම වෙනුවෙන් හිරු මාධ්‍ය සඳහා ගෙනයනු ලබන මර්දනය සියලුම නාලිකා වලට එකසේ බලපාන බව පළමුව අවධාරණය කර සිටිමි. අපි පක්ෂයක් හැටියට මේ රටේ ජනමාධ්‍ය නිදහස හැමදාම අගය කරපු පක්ෂයක්. අපිට එරෙහිව මහා බොරු ප්‍රචාර ගෙනියද්දිත් අපි ඒ කිසිදු ජනමාධ්‍යකට එරෙහිව කටයුතු නොකළ පක්ෂයක්. එවැනි තත්වයක් යටතේ අපි අද පෙනි සිටින්නේත් සමස්ථ ජනමාධ්‍යයේ නිදහස සහ අයිතිවාසිකම වෙනුවෙන්.
    මේ ජනතා විමුක්ති පෙරමුණ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට එන්නේ හොරු අල්ලනවා කියලා. ඔවුන්ගේ ප්‍රධාන සටන්පාටය වුණේ ඔවුන්ගේ කණ්ඩායම ඇරෙන්න අනෙක් සියලුදෙනාම හොරු, රාජපක්ෂවරුත් හොරු යන්නත් ඔවුන් පමණයි සර්ව සාධාරණ පුද්ගලයින් ලෙස සිටින්නේ ඒ නිසා මේ හොරු අල්ලන්න බලය ලබාදෙන්න කියලා. හොරු අල්ලන්න බලය දෙන්න කියලා ජනතාවට බොරු කර වංචනික ලෙස බලය ලබාගත්තා. නමුත් අද වනතුරු අල්ලපු හොරෙක් නැහැ. හැබැයි මේ හොරු ඇල්ලන්න බැරිවීම වහගන්න ඔවුන් ඊලඟට වෙනත් උපක්‍රමයක් භාවිතා කළා. මේ රටේ 1990 ගණන්වල සිට තිබෙන මත්ද්‍රව්‍ය උවදුර විපක්ෂය පිටින්, විශේෂයෙන්ම රාජපක්ෂවරු පිටින් පටවන්න ඉතාම නිර්දයක උත්සහයක යෙදුණා. නමුත් ඉතාම අවාසනාවන්ත ආකාරයට ඔවුන්ගේ එම උත්සහය නැවත ඔවුන් වෙතටම පෙරලා පැමිණියා. මේ රටේ කුඩු තොග පිටින් ගෙන්නුවේ මාලිමාවේ ආධාරකරුවන් කියලා ජනතාව ඉදිරියේ ඔප්පු වුණා. මේ රටේ කුඩු බෙදාහැරීම සිදුකළේ මාලිමාවේ පළාත් පාලන මන්ත්‍රිවරුන්, මන්ත්‍රිවරියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් බව ජනතාව ඉදිරියේ ඔප්පු වුණා. මේ සියල්ල මැද්දේ අවසානයේ ඔප්පු වුණා මේ රටේ කංසා වවන්නෙත් මේ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කියලා. මේ ආණ්ඩුවට පාරාවළල්ලක් වී තිබෙන මේ තත්වය නිසා දැන් ආණ්ඩුව උත්සහ කරනවා ඉතාම වැරදිසහගත ආකාරයෙන් මාධ්‍ය මර්දනයක් කර තමන් වෙත එන මේ මත්ද්‍රව්‍ය චෝදනාව යටපත් කරන්න. මෙහි කූඨාප්‍රාප්තිය දැක්කේ පහුගිය දවසක මාලිමාවේ මන්ත්‍රිවරයෙක්ගේ ඔහුට අයත් යැයි කියන ඉඩමක ගංජා වගාවක් තිබිලා ඒ සම්බන්ධයෙන් පොලිසි විසින් සිදුකරනු ලැබු පරීක්ෂණයකට එරෙහිව මේ වන විට රටේ උද්ගතකරමින් තිබෙන තත්වය. මේ ප්‍රවෘත්තිය හිරු නාලිකාවේ විකාශනය කළ විට මෙයට විරුද්ධව මාධ්‍ය නාලිකාවට පොලිසියේ මාධ්‍ය අංශ විසින් ලිපියක් ලියනවා. අපි සිතන්නේ නැහැ මේ රටේ කවදාවත් ඉතිහාසයේ මෙවැනි තත්වයක් තිබුණා කියලා. ඉතාම වැරදිසහගත ආකාරයෙන් හිරු නාලිකාවට ලිපියක් යවනවා. ඒ ලිපියේ ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න තිබෙන ආකාරයට කරුණු 02 ක් සම්බන්ධයෙන් ඔවුන් ඉස්මතු කර තිබෙනවා. එහි පළමු කාරණය වනුයේ තහවුරු කර නැති තොරතුරු මත පදනම්ව මන්ත්‍රිවරයෙකුගේ ඉඩමේ ගංජා වගාවක් තිබුණා කියන කාරණය ජනගත කරා කියලා. හැබැයි අපි මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. හැබැයි ඒ කිසිදු තැනක මේ ආකාරයේ බොරු ප්‍රවෘත්තියක් පැළකරන්න ඒ හිරු නාලිකාව කටයුතු කරන්නේ නැහැ. හිරු නාලිකාව කටයුතු කරන්නේ එම අදාළ විමර්ශනයට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන් විසින් ඒ අවස්ථාවේදි සිදුකරනු ලැබු විඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම. මේ විඩියෝ පටය සමාජයේ එළියට දැම්මේ නැහැ පොලිසිය විසින්. මේ ඇත්තෙන්ම සිදුකළයුත්තේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරුකරළා ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකළයුතුව තිබු කරුණක්. අපි ස්තූතිවන්ත වෙනවා හිරු නාලිකාව එය ජනතාවට දැනගන්න ලැබෙන්න සැලැස්සුවාට. ඔවුන් විසින් සිදුකළේ මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පෙනි සිටීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම. මේ සාක්ෂි පොලිසිය විසින්ම විඩියෝගත කර සාක්ෂි. මෙවැනි සාක්ෂි මත පදනම්ව කරපු ඒ ප්‍රකාශයකට විරුද්ධව පොලිසිය විසින් මේ සිදුකරන කටයුතුත්ත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන, ඇත්ත දැනගැනීමේ අයිතියට ගරුකරන ජනතාව හැටියට මේ රටේ සමස්ථ ජනතාව මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතියට ගරුකරන පක්ෂයක් හැටියට අපි මේ තත්වයට එක හෙළාම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා.
    ඒ වගේම මෑත ඉතිහාසයේ රටට මහා වැරදි පණිවිඩයක් දෙනවා මේ ආණ්ඩුව. ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ හෝ කිසිදු කෙනෙක්ට අත තබා තිබුණොත් ඒ අවස්ථාවේම ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව අදාළ කටයුතු කරනවා කියන ඉතාම නරක පණිවිඩය මේ වන විට රටට දෙමින් තිබෙනවා. අපි එය දැක්කා හිටපු කථානායක රන්වල මහතාගේ සිදුවීමේදි. ඒ වගේම මේ රටට දෙන පණිවිඩය තමයි ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ කවුරු හෝ මොනයම් හෝ වරදක් කළත් පොලිසිය නිශ්ෂබ්දව සිටිය යුතුයි, නැතිනම් දඩුවම් කරන්නේ වැරදිකාරයොන්ට නොව පොලිසියට කියන පණිවිඩය මේ සමාජයටත්, පොලිසියටත් මේ ආණ්ඩු දෙමින් තිබෙනවා. මෙය තමයි මේ රටේ මෑත ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරපු භායානකම දරුණු පහරදීම.”

    එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,
    “ මේ ආණ්ඩුව බලයට පත්වීම වෙනුවෙන් භාවිත කළ ප්‍රධානතම ප්‍රචාරණ මූලඋපායක් තමයි මාලිමා ආණ්ඩුව යටතේ ඉතාම ගුණගරුක, නීතිගරුක යපහත් මිනිස්සු සහිත අලුත් ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් හදනවා කියන එක. ඒ මත තමයි වල් පැල ගලවා මල් පැල සිටුවනවා වගේ සඨන්පාටයකුත් හැදුනේ. හැබැයි මේ ආණ්ඩුව බලයට පත්වෙලා ටික දවසක් යන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචනික ජිවිතය සමාජය හමුවේ අනාවරණය වීම ආරම්භ විය. එහිදි වර්තමාන මාලිමා ආණ්ඩුව බලයට පත්වීම වෙනුවෙන් ගොඩනගන ලද ප්‍රචාරණ ආඛ්‍යානය බිඳවැටෙන්න ආරම්භ වෙනවා. එහිදි මේ පාලකයෝ අසරණභාවයට පත්වෙනවා. මේ අසරණභාවය හමුවේ මේ ආණ්ඩුව ඉතාම නරක උපක්‍රමයක් මෙයින් අත්මිදීම සඳහා භාවිතා කිරීමට ආරම්භ කළා. තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට එය විමර්ශනය නොකර සිටීම කියන නරක උපක්‍රමය තෝරා ගත්තා. පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ යක්කල කාර්යාලයට පහරදීම පිළිබඳව මහින්ද ජයසිංහ ඇතුලු පිරිසකට චෝදනාවක් එල්ල වුණා නමුත් අදටත් විමර්ශනයක් නැහැ. බහාලුම් මගඩියට අදාළව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. නමුත් අදටත් විමර්ශනයක් නැහැ. විමර්ශනය නොකළ සීටිම කියන කාරණාවෙන් නතර නොවි ඊටත් එහාගිය නරකම උපක්‍රමයක් දැන් මේ ආණ්ඩුව තෝරාගෙන තිබෙනවා. එය තමයි වරදක් තමන්ගේ ආණ්ඩුවේ මැතිඇමතිවරුන් සම්බන්ධ චෝදනාවක් එල්ල වූ විට එහි වින්දිත පාර්ශවය හෝ වෙනත් පාර්ශවයක් වැරදිකරුවන් ලෙස අර්ථකතනය කිරීමේ මූලඋපාය තමයි දැන් මේ අනුගමනය කරමින් තිබෙන්නේ. රත්නපුරේ ශාන්ත පත්මකුමාර මන්ත්‍රිතුමාට අයිති ඉඩමක කංසා පැළ තිබුණා කියන කතාවට අදාළව අපි එවැන්නක් මෙහිදි දකින්නේ. හිරු නාලිකාව මෙහිදි වාර්තාකරණයට අදාළව වරදක් කර නැහැ. මෙහිදි හිරු නාලිකාව කතාවක් ගෙතුවේ නැහැ. ඔවුන් කිසියම් ප්‍රවෘත්ති මූලාශ්‍රයක් භාවිතා කර සිද්ධිය වාර්තා කළා. එය හුදු වාර්තාකරණයක් මිසක් එතනින් එහා ගිය චේතනාන්විත වැරදි තොරතුරු වාර්තාකරණයක් නොවේ. මොන පදනම යටතේද ආණ්ඩුව මේ චෝදනාව කරන්නේ. තමන්ගේ ආණ්ඩුවේ තමන් විසින් මල් පැළ ලෙස හදුන්වාදුන් නීතියක්, විනය ගරුකභාවයක් නැති මහජන නියෝජිතයෙක් සම්බන්ධව එල්ල වුණු චෝදනාවක් හිරු ප්‍රවෘත්ති විසින් වාර්තා කළා. එය හුදු වාර්තාකරණයක්.එය හිරු ප්‍රවෘත්ති අංශය විසින් නිර්මාණය කරන ලද කතන්දරයක් නොවේ. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටියදි එහෙම සිද්ධි මුලාශ්‍ර විදිහට සැපයුවා.

    මේ ආණ්ඩුව තමන්ගේ දූෂිත මැති ඇමතිවරුන් බේරාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගොඩනගන ලද ඉතාම ගුණගරුක, ඉතාම යහපත් මිනිස්සු සහිත පාර්ලිමේන්තුවක් කියන ප්‍රචාරණ ආඛ්‍යානය බිඳවැටීම නිසා ඇතිවෙන අවාසිය වළක්වාගැනීම වෙනුවෙන් කරන මේ වංචනික, නිතිවිරෝධි මාධ්‍ය මර්දනයට එරෙහිව මේ රටේ හුදු ජනමතයක් ගොඩනැගිය යුතුයි.”යනුවෙන් මෙහිදි සඳහන් කළෝ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.