Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රුසියාවේ විශාලනම තෙල් සමාගම් දෙකට ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් පුටින් ප්‍රතිචාර දක්වයි
    උණුසුම් පුවත්

    රුසියාවේ විශාලනම තෙල් සමාගම් දෙකට ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් පුටින් ප්‍රතිචාර දක්වයි

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 24, 2025No Comments5 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දක්වා තිබේ.

    ඔහු එහිදී ජනපති ට්‍රම්ප්ගේ පියවර හඳුන්වා ඇත්තේ බරපතළ කාරණයක් ලෙසය.

    එහෙත් එම සම්බාධක රුසියානු ආර්ථිකයට බලපෑමක් කිරීමට තරම් ශක්තිමත් නොවන බව ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ ඊට දැඩි ප්‍රතිරෝධයක් දක්වමිනි.

    සම්බාධකවලින් යම් බලපෑමක් ඇතිවන නමුත් එය කැපී පෙනෙන වෙනසක් ඇති නොකරනු ඇති බව පුටින් පවසා ඇත.

    එමෙන්ම එය මිත්‍රශීලි ක්‍රියාවක් නොවන බවත්, නැවත ප්‍රකෘතිමත්වීම ආරම්භ වූ රුසියානු අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමට සහායක් නොවන බවත් පුටින් ප්‍රකාශකර තිබේ.

    ඒ වගේම නව සම්බාධක සහ ට්‍රම්ප් – පුටින් හමුව කල්දැමීම නොතකා රුසියානු නායකයා තමන් තවදුරටත් සංවාදයට සූදානම් බව වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළේය.

    ඕනෑම මතභේදයක් විසඳීමට, ගැටුමට වඩා සංවාදය සැමවිටම යහපත් බව පුටින්, සඳහන් කර ඇත්තේ, යුද්ධය සම්බන්ධයෙන් ද රුසියාව සැමවිට සාකච්ඡාවට සූදානම් බව ප්‍රකාශ කරමිනි.

    එහෙත් යුක්‍රේනය ඉල්ලා සිටින පරිද්දෙන් අමෙරිකානු ටොමහෝක් මිසයිල රුසියාව වෙත එල්ල කළහොත් ප්‍රතිචාරය ඉතා බලගතු සහ ශක්තිමත් එකක් වනු ඇති බවත් පුටින් සඳහන් කර ඇත්තේ අනතුරු ඇඟවීමක් ලෙසිනි.

    අමෙරිකාව රුසියාවට සම්බාධක පැනවීමෙන් පීඩනයක් ඇති කිරීමට උත්සාහ කරන බව පැහැදිලි බවත්, පුටින් කියා සිටියේය.

    එහෙත් ආත්ම ගෞරවයක් ඇති කිසිදු රටක්, එවැනි ජනතාවක් පීඩන හමුවේ හිස නැමීමට සූදානම් නොමැති බවත් පුටින් අවධාරණය කර සිටියේය.

    රුසියාවට එරෙහි තෙල් සම්බාධක ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීත්, යුක්‍රේනයට ටොමහෝක් දිගුදුර මිසයිල ලබානොදෙන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

    අමෙරිකානු සම්බාධකවලට ජනපති පුටින් දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් වාර්තාකරුවන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසා සිටියේය.

    එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, රුසියානු නායකයාට සම්බාධක ගැන වැටහීමක් ඇතිවීම යහපත් කරුණක් බවය.

    එහි බලපෑම තවත් මාස 6කින් පැවසිය හැකි බවත් ට්‍රම්ප් පවසා තිබේ.

    ජනපති ට්‍රම්ප් රුසියානු තෙල් සමාගම්වලට එරෙහිව මෙම සම්බාධක පැනවීමට පියවර ගත්තේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා ජනපති පුටින් පියවර නොගන්නා බවට චෝදනා කරමින්.

    එහි පළමු පියවර තමයි හංගේරියාවේ පැවැත්වීමට සැලසුම් කළ ට්‍රම්ප් – පුටින් හමුව අවලංගු කිරීම.

    ට්‍රම්ප් පරිපාලනය මේ විදියට සම්බාධක පැනවූ රුසියානු ‘රොස්නෙෆ්ට්‘ සහ ‘ලුක්ඔයිල්‘ රුසියාවේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් අඩක් පමණ නිෂ්පාදනය කරයි.

    ඒ වගේම ලෝකයේ සමස්ත බොරතෙල් සැපයුමෙන් 5%ක් පමණ සිදුකරන්නේ මේ සමාගම් දෙකෙනි.

    අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව රොස්නෙෆ්ට් සහ ලුක්ඔයිල් සමාගම් දෙක වගේම ඒවායේ අනුබද්ධ සමාගම්වලටත් මේ සම්බාධක ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළේය.

    අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි මාසයේ ගෑස්ප්‍රොම් සහ තවත් රුසියානු තෙල් සමාගමකට මේ විදියට සම්බාධක පැනවුවත්, එයින් රුසියානු තෙල් අපනයනවලට කැපී පෙනෙන බලපෑමක් ඇතිවුනේ නැහැ.

    යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ඊට වඩා බලපෑමක් සිදුකළ යුතු බවට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ජනපති ට්‍රම්ප් වෙත බලපෑම් සිදුකරමින් සිටි බවත් අපට අමතක කළ නොහැකියි.

    මීට පෙර අමෙරිකාව පැනවූ සම්බාධක මඟින් රුසියානු තෙල් ප්‍රවාහනය කරන නෞකා 180කට වැඩි සංඛ්‍යාවක්, තෙල් වෙළෙඳ සමාගම්, තෙල් බිම්වලට සේවා සපයන්නන්, රක්ෂණ සමාගම් සහ බලශක්ති නිලධාරීන් ඉලක්ක කර ගැනුණි.

    දැන් පනවා ඇති අමෙරිකානු සම්බාධක හමුවේ, තෙල් අපනයනය තවදුරටත් පවත්වාගැනීමට නම් රුසියාවට විශාල මිල අඩුකිරීමක් සහිතව තෙල් අලෙවි කිරීමට සිදුවනු ඇති බව විචාරකයන්ගේ මතය වී තිබේ.

    රුසියාවේ අයවැය සඳහා ලැබෙන ආදායම්වලින් හතරෙන් එකක්ම ලැබෙන්නේ තෙල් සහ ගෑස් අපනයනයෙනි.

    යුක්‍රේන යුද්ධය සඳහා අවසන් මූල්‍ය සම්පත් සම්පාදනය කරගන්නත් රුසියාවට මේ තෙල් අපනයන ආදායම වැදගත් වේ.

    අමෙරිකාව පැනවූ සම්බාධකවලට සමගාමීව යුරෝපා සංගමය රුසියාවට පැනවූ 19 වැනි සම්බාධක පෙළ මඟින් ඉලක්ක කරගෙන ඇත්තේ රුසියාවේ LNG ඉන්ධන වායු අපනයනයයි.

    මේ නිසාවෙන් රුසියාවට තෙල් සහ ගෑස් අපනයන ආදායම කැපී පෙනෙන විදියට අඩුවන බව පැහැදිලි කරුණකි.

    මේ වසරේ පළමු මාස 9 තුළ රුසියාව අපනයනය කළ බොරතෙල්වලින් 40%ක් පමණ ඒ කියන්නේ දිනකට තෙල් බැරල් මිලියන 1.9 බැගින් අපනයනය කළේ ඉන්දියාවට.

    රුසියානු තෙල් මිලදී ගැනීම නිසා තමයි ඉන්දියාවට 25%ක අතිරික්ත තීරු බද්දක් සමග 50%ක තීරු බද්දක් පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය.

    රුසියානු තෙල් සමාගම්වලට පැනවුණු නව අමෙරිකානු සම්බාධක සමග ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කැපී පෙනෙන ලෙස අඩු කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

    රුසියානු තෙල් මිලදී ගැනීම නතර කිරීමට අගමැති මෝදි තමන්ට සහතික වූ බව පුන පුනා පවසන ජනපති ට්‍රම්ප් ඒ සඳහා ඉන්දියාවට නොවැම්බර් 21 වැනිදා තෙක් තෙල් ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

    අමෙරිකානු සම්බාධක සම්බන්ධයෙන් ඉන්දීය රජය ඉන්දීය රජය එරට ප්‍රධාන පරිපහදුකරුවන්නට දැනටමත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

    මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස්, එවැනි ප්‍රධානතම පිරිපහදුකරුවෙකි.

    ඒ අතර ඉන්දීය රජයට අයත් තෙල් පිරිපහදුවලටත් රුසියානු තෙල් ලබාගැනීම විශාල වශයෙන් කපා හැරීමටත් ඉන්දියාව පියවර ගෙන තිබේ.

    අමෙරිකානු සම්බාධක දැඩි ලෙස ක්‍රියාත්මක වුණොත් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම මුළුමණින්ම පාහේ නතරවනු ඇති බව විශ්වාස කෙරේ.

    ඒ විදියට රුසියානු තෙල් ආනයනය මුළුමණින්ම නතර කරන බව ඉන්දීය රජය මෙතක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ.

    එහෙත් රුසියානු තෙල් ආනයනය කිරීම නිසා අමෙරිකාවෙන් ද්විතීයික බදු පැනවීමට ලක්වන්න ඉන්දියාව බලාපොරොත්තු නොවන බව විචාරකයන් පෙන්වා දෙයි.

    ඉන්දියාවට අනෙකුත් වෙළඳ සහකරුවන් සමග සබඳතා බාධාවකින් තොරව පවත්වා ගැනීමට තවදුරටත් අමෙරිකානු තීරුබදු හෝ සම්බාධකවලට ලක්නොවී සිටීම වැදගත් වේ.

    රුසියානු තෙල් මිලදී ගන්නා තවත් ප්‍රධාන රටක් තමයි චීනය.

    චීනයේ තෙල් සැපයුම්වලින් 20%ක් පමණ ලබා ගන්නේ රුසියාවෙනි.

    ඉන්දියාවට වඩා රුසියාව සමග සමීප සහයෝගීතාවක් ඇති චීනය අමෙරිකානු සම්බාධක සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙන්නෙ වෙනස් ආකාරයකින්.

    රොස්නෙෆ්ට් සහ ලුක්ඔයිල් කියන රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකාව පැනවූ සම්බාධක චීනය විසින් හෙළා දැක තිබෙන්නේ එවැනි ඒකපාක්ෂික පියවරවලට ජාත්‍යන්තර නීතිමය පදනමක් නොමැති බව පවසමින්.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව එවැනි සම්බාධක පැනවීම ගෝලීය වෙළෙඳ ප්‍රතිමාන (NORMS)වලට පටහැනි බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී පවසා තිබේ.

    අමෙරිකානු සම්බාධක වගේම යුරෝපා සංගමය රුසියාවට පැනවූ නව සම්බාධවලදී චීන සමාගම් ඉලක්ක කරගැනීම පිළිබඳව ද චීන රජයේ අවධානය යොමු වී ඇති බව ඔහු සඳහන් කළේය.

    එහිදී චීනයේ නීත්‍යානුකූල අයිතීන් සහ අභිලාෂයන් ආරක්ෂක කරගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයා අවධාරණය කළේය.

    #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.