Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ලක්ෂ 500 ඉඩම් නඩුවෙන් බැසිල් කට්ටි පනී ඇඟේ වම් පැත්ත හිරි වැටිලා
    උණුසුම් පුවත්

    ලක්ෂ 500 ඉඩම් නඩුවෙන් බැසිල් කට්ටි පනී ඇඟේ වම් පැත්ත හිරි වැටිලා

    Bandara SenanayakaBy Bandara SenanayakaNovember 22, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (21) දින මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් බලපත්‍ර වෙන්කර, පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය විය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පැවසුවේ, ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු බවට සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළත් ලේඛන අධ්‍යයනය කිරීමේදී සැකකාර බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මගහරින බවට බරපතළ සැකයක් පවතින බවය.

    නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එකහාමාරයක ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    එහිදී නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියද, තෙවන හා සිව්වන සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

    ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා ඇතුළත් ලේඛන ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

    එම වෛද්‍ය වාර්තා අධ්‍යනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙසේ විවෘත අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

    “ස්වාමිනි මේ නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18. ඒ කියන්නේ මොහු වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නැහැ.

    ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පසුගිය නඩුවාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇතිවුන බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් විසින් ගුවන් ගමන් නොසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා. නමුත් X Ray වාර්තාවල කිසිදු අස්ථි භග්නයක් පෙන්නුම් කෙරුණේ නැහැ.

    එදින සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා අද දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ. ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට ” Left Side Sciatica ” හෙවත් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා.

    නමුත් ස්වාමිනි මේ ලේඛන මා අධ්‍යනය කරපුවාම බරපතළ සැකයක් ඇතිවුණා සැකකරු ඇත්තටම අසනීපයෙන් ඉන්නවාද, නැතිනම් අධිකරණය මඟහරිනවා ද කියලා”.

    ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනුවේ පරස්පරතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

    “ස්වාමිනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියෙන්නේ ජොර්ජ් චිඩී’ කියලා පුද්ගලයෙක්. මේ ලේඛනවල රෝග ලක්ෂණ සටහන් කරලා තිබුණාට, ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. අනික පෙර නඩුවාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශීර්ෂය නෙමෙයි, අද ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල තියෙන්නේ.

    ඊළඟට බැසිල් රාජපක්ෂට ඔය කියන ” Left Side Sciatica” එහෙමත් නැතිනම් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වය තියෙන නිසා මාස 06ක් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වැනිදා.

    වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබියදී ඊට පසු සැප්තැම්බර් 25 වැනිදා, මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුළ ගුවන් ගමනකින් මෙරටට පැමිණෙන්න ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් වෙන් කරගෙන තියෙනවා. පසු අවස්ථාවක ඔක්තෝබර් මාසයේ යළි එය අවලංගු කරන්නැයි ඉල්ලා තිබෙනවා.

    ඒ වගේම ස්වාමිනි මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාවය තිබෙනවාදැයි පරික්ෂා කිරීමට ගුවන් සමාගම ඉදිරිපත් කළ පෝරමයේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයෙකුගේ සහයෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකියි, ගුවන් යානය තුළ විශේෂ පුටුවක්, ඇදක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නැහැ කියලා”.

    සිය කරුණු දැක්වීම් අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවන් පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.

    එහිදී මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන්ට නියෝග කළේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    එසේ ඉදිරිපත් කිරීමක් නොකරන්නේනම් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ තබා ඇති ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ට නියෝග කළේය.

    එමෙන්ම සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවවාද කළේය.

    නීති කෘත්‍යය යළි ලබන වසරේ මැයි 22 වනදා කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.