චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුව අද (30) දකුණු කොරියාවේ Busan නගරයේදී සිදුව තිබේ.
චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත.
එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන අමෙරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු යැයි ද චීන ජනපතිවරයා පවසා තිබේ.
දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන්ම අත්කර ගත හැකි බවත් චීනය සහ අමෙරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත් ඔහු කියා සිටියේය.
එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද චීන ජනපතිවරයා පෙන්වා දී තිබේ.
චීන-අමෙරිකා සබඳතාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සහ දෙරටේ සංවර්ධනයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එම හමුවේදී ප්‍රකාශ කර ඇත.


