ලෝක පාපන්දු පිටියේ විශිෂ්ටයින් ඇගයීම සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ‘ග්ලෝබ් සෝකර්’ සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
මෙහිදී පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම නියෝජනය කරන උස්මාන් ඩෙම්බේලේ (Ousmane Dembele) වසරේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳිනු ලැබුවා.
එමෙන්ම සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ(Cristiano Ronaldo) අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් දක්වන දක්ෂතා වෙනුවෙන් මධ්‍ය පෙරදිග දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.
මේ අතර බාර්සිලෝනා කණ්ඩායමේ යොවුන් තරුව වන ලැමින් යමාල් (Lamine Yamal) වසරේ දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවා.
එම සම්මාන ලැයිස්තුව පහතින්.
සම්මාන ලැයිස්තුව – 2025
දක්ෂතම පිරිමි ක්‍රීඩකයා – උස්මාන් ඩෙම්බේලේ (PSG)
දක්ෂතම කාන්තා ක්‍රීඩකයා – අයිටානා බොන්මැටී (බාර්සිලෝනා)
මධ්‍ය පෙරදිග දක්ෂතම ක්‍රීඩකයා – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (අල්-නසර්)
දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයා – ලැමින් යමාල් (බාර්සිලෝනා)
දක්ෂතම පිරිමි කණ්ඩායම – PSG
දක්ෂතම කාන්තා කණ්ඩාය – මබාර්සිලෝනා
දක්ෂතම පුහුණුකරු – ලුයිස් එන්රික් (PSG)
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා විටින්හා (PSG)
දක්ෂතම ජාතික කණ්ඩායම – පෘතුගාලය
ජීවිත කාලීන සම්මානය – ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා සහ හිඩෙටෝෂි නකාටා

