හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සඳහා බදු පැනවීමට ඉරානය ඉදිරිපත් කර ඇති යෝජනාවට බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැඩි විරෝධය පළ කර තිබෙනවා.
මෙම නාවික මාර්ගයේ නිදහස් ගමනාගමනය යළි ස්ථාපිත කිරීම සහ ඉරානයේ කොන්දේසිවලට එරෙහි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය ලබන සතියේදී රටවල් රැසක සහභාගීත්වයෙන් යුත් විශේෂ හමුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.
ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ සටන් විරාමයේ කොන්දේසියක් ලෙස, එම මුහුදු සන්ධිය හරහා යන නෞකාවලින් මුදල් අය කිරීමට ඉරානය උත්සාහ කරමින් සිටින බව වාර්තා වී තිබුණේ.

