Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»SLT-MOBITEL සමාගම PeoTV සේවා සහ අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා Hotel Sanira සමග අත්වැල් බැඳගනී
    උණුසුම් පුවත්

    SLT-MOBITEL සමාගම PeoTV සේවා සහ අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා Hotel Sanira සමග අත්වැල් බැඳගනී

    KanchanaBy KanchanaJune 3, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පිටකෝට්ටේ පිහිටා ඇති 3-star කාණ්ඩයේ හෝටලයක් වන Hotel Sanira සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ඒ එම හෝටලයට SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙන PeoTV සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන එකම බලයලත් සේවා සම්පාදක වශයෙනි. මෙම ගිවිසුමට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය Telecom කාර්යාලයේදී අත්සන් තබන ලදී.

    SLT සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර – Metro) චේතන අත්තනායක සහ Hotel Sanira හි ප්‍රධාන විධායක නිලධාරී අජිත් රණසිංහ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ. මෙම හවුල්කාරීත්වය Hotel Sanira හි ගනුදෙනුකරුවන්  වෙත හිමි වන ඩිජිටල් අත්දැකීම වැඩිදියුණු කරනු ඇති අතර, ඔවුන්ට රිසි සේ විනෝදාස්වාද හා අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත.

    “SLT-MOBITEL හි අතිනවීන PeoTV සහ Fiber විසඳුම් ලබා දෙමින්, එහි ගනුදෙනුකරුවන්ට අසමසම අත්දැකීමක් සහතික කිරීම සඳහා Hotel Sanira සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙය නව්‍ය ඩිජිටල් විසඳුම් ඔස්සේ ව්‍යාපාර බලගැන්වීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර – Metro) චේතන අත්තනායක මහතා පැවසීය.

    “අපගේ ගනුදෙනුකරුවන් අපගෙන් ඉහළම මට්ටමේ සේවාවක් අපේක්ෂා කරනවා. SLT-MOBITEL සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ උසස් තත්ත්වයේ විනෝදාස්වාද සේවා සහ විශ්වාසදායක සම්බන්ධතා පහසුකම් ලබා දීමට අපට හැකි වේවි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hotel Sanira වෙත පැමිණෙන අපගේ ගනුදෙනුකරුවන්ගේ  සමස්ත අත්දැකීම වැඩිදියුණු කිරීම අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.” Hotel Sanira හි ප්‍රධාන විධායක නිලධාරී අජිත් රණසිංහ මහතා පැවසීය.

    SLT-MOBITEL එහි උසස් PeoTV සහ Fibre විසඳුම් සේවා හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජීවන රටාවන් වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටී. PeoTV විවිධ දේශීය හා ජාත්‍යන්තර නාලිකා සහ අවශ්‍යතාව අනුව නැරඹිය හැකි අන්තර්ගතයන් (On-demand content) සමගින් ඉහළම තලයේ විනෝදාස්වාදයක් ලබා දෙන අතර, SLT-MOBITEL හි Fibre විසඳුම් අතිශය වේගවත් හා විශ්වාසනීය සම්බන්ධතාවක් පිරිනමයි. මේ සියල්ල තාක්ෂණික නවෝත්පාදනය සහ ඩිජිටල් අන්තර්කරණය සඳහා සමාගම දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කරන අතර, SLT-MOBITEL විසින් ශ්‍රී ලාංකිකයන්ට රාජකාරි කටයුතු, අධ්‍යාප කටයුතු, විනෝදාස්වාදය සහ සුහුරු (Smart) ජීවන රටාවන් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර තලයේ දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් සපයමින් ඔවුන් සවිබල ගන්වමින් සිටී.

    Hotel Sanira සමග ඇතිකරගත් මෙම ගිවිසුම, උසස් තාක්ෂණික විසඳුම් තුළින් ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.

    Hotel Sanira යනු පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි 3-star හෝටලයක් වන අතර එය වායුසමනය කරන ලද නවීන පහසුකම් සහිත කාමර 6 කින් මෙන්ම නොමිලේ ලබාදෙන Wi-Fi සහ රථවාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය. බැද්දගාන තෙත්බිම් උද්‍යානය, දියවන්නා ඔය සහ Royal Colombo Golf Club ආදියට නුදුරින් පිහිටා ඇති Hotel Sanira, ස්වභාවධර්මයට ප්‍රිය කරන්නන්ට මෙන්ම විවේකය සොයා එන සංචාරකයන්ටද ඉතාමත් සුදුසු වටපිටාවකින් සමන්විතය. පැය 24 පුරා ක්‍රියාත්මක Front Desk සේවාවක්ද සහිත මෙම හෝටලයේ සිට සංස්කෘතික හා විනෝදාස්වාදමය වශයෙන් වැදගත් වන ස්ථාන රැසක් වෙත පහසුවෙන් ළඟා විය හැකි අතර, එය අමුත්තන්ට ඉතාමත් සුවපහසු ලෙස තම විවේකය ගතකිරීමට අවස්ථාව උදාකර දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Kanchana

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.