Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»ක්‍රීඩා»රාවල් සහ මන්දනා එක්ව කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයඅලුතින් ලියයි
    ක්‍රීඩා

    රාවල් සහ මන්දනා එක්ව කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයඅලුතින් ලියයි

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 24, 2025No Comments5 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ එක් එක් කණ්ඩායම සහභාගී වූ තරග 6ක් බැගින් අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 4 අතරට එක් වීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ පසුගියදා (23) සමත් වෙනවා.

    ඒ නවසීලන්තය කණ්ඩායමට එරෙහි ව ලත් ජයග්‍රහණයත් සමඟිනුයි. ඉන්දීය ක්‍රීඩිකාවන්ට තීරණාත්මක වූ එම තරගයේ දී කාන්තා එක්දින තරග ඉතිහාසයට නව වාර්තාවන් කිහිපයක් ද එක් කිරීමට ඔවුන් සමත් වෙනවා.

    24 වැනි තරගය (දිවා/රාත්‍රී), DY Patil, ඔක්තෝබර් 23, 2025, ICC Women’s World Cup

    කාසියේ වාසිය – නවසීලන්තය

    • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 340 (49.0) Pratika Rawal 122, Smriti Mandhana 109, Jemimah Rodrigues නොදැවී 76, Suzie Bates 1/40
    • නවසීලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 271 (44.0) Georgia Plimmer 30, Amelia Kerr 45, Brooke Halliday 81, නොදැවී Isabella Gaze 65, Renuka Singh 2/25, Kranti Gaud 2/48

    ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 53ක ජයක්.

    තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Smriti Mandhana (ඉන්දියාව)

    නිමා වූ තරගයේ සුවිශේෂී කඩඉම්

    340/3 (49.0) : ඉන්දියාව විසින් මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා.

    ඉන්දියාව මීට පෙර ලෝක කුසලාන තරගාවලියක ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ මෙවර තරගාවලියේ ම Visakhapatnam හි දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලබා ගත් ලකුණු 330යි.

    ඉන්දීය මෙම ඉනිම ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තයට එරෙහි ව වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

    ඊට පෙර ලෝක කුසලාන තරග ඉතිහාසයක නවසීලන්තයට එරෙහි ව වැඩිම ලකුණු ලබා සිටියේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් ගත වෙමින් පවතින මෙවර තරගාවලියේ දී Indore හි දී ලකුණු 326ක් ලබා ගන්නවා.ඉන්දීය මෙම ඉනිම නවසීලන්තයට එරෙහි ව එක්දින තරග ඉතිහාසයේ වාර්තා වූ හොඳම ඉනිම් අතර 2 වැනි තැනට පත් ඉනිමයි.

    ඔවුන්ට එරෙහි ව මෙතෙක් වාර්තා වී ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ 2021 වසරේ දී Canterbury හි දී එංගලන්තය විසින් කඩුලු 5ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 347යි.

     ඉන්දියාවේ දකුණත් ආරම්භක පිතිකාරිනී Pratika Rawal තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට මෙම තරගයේ දී සමත් වෙනවා.

    මේ සමඟින් ඇය ලෝක එක්දින තරග ඉතිහාසයේ ඉතා ඉක්මනින් ලකුණු 1000ක් වාර්තා කළ පිතිකාරිනියන් අතර සම අසුන් දිනා ගන්නවා. මෙම දක්ෂතාවේ අනෙක් අසුනේ හිමිකාරීය වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ  Lindsay Reeler. ඔවුන් දෙදෙනා ම මෙම කඩඉමට පිවිසෙන්නේ තමන් මුහුණ දුන් 23 වැනි ඉනිමේදීයි.

    මෙය Pratika Rawal ගේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල ශතකයයි.

     ඉන්දියාවේ වමත් ආරම්භක පිතිකාරිනී Smriti Mandhana විසින් මෙම තරගයේ දී වාර්තා කරන්නේ තම එක්දින තරග ඉතිහාසයේ 14 වැනි ශතකයයි.

    එය කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභීන් අතර 2 වැනි තැනට පත් දක්ෂතාවයි. මෙහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ දකුණත් පිතිකාරිනී Meg Lanning. ඇය ලබා සිටින ශතක සංඛ්‍යාව 15ක්.

    මේ වසරේ දී මේ රැස් කරන්නේ තම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 5 වැනි ශතකයයි. ඒ අනුව කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ශතකලාභීන් අතර සම තැන් ගැනීමට ඇය සමත් වෙනවා.

    එහි පළමුවෙන් ම අසුන් ගත්තේ දකුණු අප්‍රිකාවේ Tazmin Brits. ඇය ද මෙම දක්ෂතාව සිදු කරන්නේ මේ වසරේ දී ම වීම විශේෂත්වයක්.

    Smriti Mandhana විසින් වාර්තා කරන ලද මෙම ශතකයත් සමඟින් ඇය ටෙස්ට් (2), එක්දින (14) සහ විස්සයි විස්ස (1) වශයෙන් ජාත්‍යන්තර තරග රටා ත්‍රිත්වයේ දී ශතක 17ක් වාර්තා කරනවා.

    එය එවන් දක්ෂතාවයන් දැක් වූවන් අතර සම දක්ෂතා දැක්වීමක් ලෙසින් ඉතිහාසයට එක් වූයේ. එහි එතෙක් රැඳී සිටියේ සිටියේ ඕස්ට්‍රේලියාවේ Meg Lanning. ඇයගේ ශතක ලැයිස්තුව සැකසී ඇත්තේ එක්දින තරගවල ශතක 15ක් සහ විස්සයි විස්ස තරගවල ශතක 2ක් ලෙසයි.

    මෙම තරගයත් සමඟින් Smriti Mandhana ලොව ආරම්භක පිතිකාරිනියන් අතර වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය බවට පත් වෙනවා.

    මෙම ලැයිස්තුවේ මිට පෙර රැඳී සිටියේ නවසීලන්තයේ දකුණත් පිතිකාරිනී Suzie Bates. ඇය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 5088ක්.

     මෙම තරගයේ දී Smriti Mandhana සහ Pratika Rawal එක් ව පළමු කඩුල්ලට එක් කරන ලද ලකුණු සබඳතාව ඉන්දීය එක්දින කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

    මීට පෙර මෙහි වාර්තාව වී තිබුණේ 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව  4 වැනි කඩුල්ලට Smriti Mandhana සහ Harmanpreet Kaur එක් ව ලබා සිටි ලකුණු 184යි.

    එමෙන් ම මෙම ලකුණු සබඳතාව නවසීලන්තයට එරෙහි ව ඕනෑ ම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා. ඊට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී තිබුණේ 2012 වසරේ දී එංගලන්තයේ Sarah Taylor සහ Lydia Greenway විසින් 3 වැනි කඩුල්ලට එක් කර තිබූ ලකුණු 201ක සබඳතාවයි.

    Smriti Mandhana සහ Pratika Rawal ගේ මෙම සබඳතාවේ දී දෙදෙනා ම ශතකලාභීන් වූවා. ඒ අනුව එම ඉනිම් වාර්තා වෙන්නේ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ එක් ඉනිමක ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා ම ශතක වාර්තා කළ තෙවැනි අවස්ථාව ලෙසයි.

    එම ලැයිස්තුවේ පළමු වැනි ආරම්භක පිතිකාරිනියන් වූයේ 1973 වසරේ දී ජාත්‍යන්තර xi කණ්ඩායමට එරෙහි ව ශතක ලැබූ එංගලන්තයේ Lynne Thomas (134) සහ Enid Bakewell (නොදැවී 101) දෙදෙනායි.

    ඊට පසුව 1988 වසරේ දී නෙදර්ලන්තයට එරෙහි ව ඕස්ට්‍රේලියාවේ Lindsay Reeler (නොදැවී 143) සහ Ruth Buckstein (100) මෙම දක්ෂතාව සිදු කරනවා.

    ඉන්දීය එක්දින කාන්තා තරග ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනක දී ශතක සබඳතා ඉක්ම වූ ඉනිම් වාර්තා කිරීම් අතර සම තැන් ගැනීමට Smriti Mandhana සහ Pratika Rawal සමත් වෙනවා.

    මෙහි මීට පෙර මෙම දක්ෂතාව කර තිබුණේ Mithali Raj and Punam Raut විසිනුයි.

     Smriti Mandhana සහ Pratika Rawal එක් ව ගොඩනැගූ මේ ශතක සබඳතා 7 අතර 5ක් ම වාර්තා වෙන්නේ මේ වසරේ දී යි. ඒ අනුව ලෝක කාන්තා එක්දින තරග ඉතිහාසයේ කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ශතක සබඳතා වාර්තා කළ ක්‍රීඩිකාවන් අතර ද සම තැන් ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නවසීලන්තයට කඩුලු 10ක සුපිරි ජයක්.

    February 10, 2026

    2026 විස්සයි විස්ස ලෝක කුසලානය: පාකිස්ථානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතයි

    January 27, 2026

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

    January 7, 2026

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරයි

    January 4, 2026

    සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට සැරසේ

    January 4, 2026

    මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?

    January 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.