Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»ක්‍රීඩා»වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට්: කොළඹ තර්ස්ටන් සහ ගාල්ල මහින්ද සමගින් කණ්ඩායම් 18ක් තරග බිමට
    ක්‍රීඩා

    වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට්: කොළඹ තර්ස්ටන් සහ ගාල්ල මහින්ද සමගින් කණ්ඩායම් 18ක් තරග බිමට

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 24, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 18කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

    මෙවර උසස්වීම් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය සමගින් කණ්ඩායම් 18ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇති.

    මෙවර දෙදින තරගාවලියේ පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 8ක් බැගින් හිමිවන අතර, පළමු වටයේදී දස්කම් දක්වන එක් කාණ්ඩයකින් කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. මෙම දෙදින තරගාවලියේ පළමු වටය (ලීග් අදියර) 2026 ජනවාරි මස 31 දිනෙන් අවසන් වනවා.

    තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසන් තරගය දක්වා තරග තෙදින තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2025 වසරේ දෙසැම්බර් මස 31 දින වනවිට ඉන් තරග 5ක් පැවැත්වීම අනිවාර්ය කොට ඇති අතර, අර්ධ අවසන් පූර්ව වටයේ තරග පෙබරවාරි මස මුල් සතියේදී පැවැත්වීමට පසුගියදා නිමාවූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී පනවා තිබූ ක්‍රීඩා කරන 11 දෙනා අතරට වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීම අනිවාර්ය කොට තිබූ තරග කොන්දේසිය දෙදින තරගාවලියේදී ඉවත්කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කටයුතු යොදා තිබෙනවා.

    කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පසුගිය වර පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාවට හිමිකම් කී අතර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

    පසුගිය වර පළමු කොටස ටියර් ‘බී’අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය මෙවර පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියට උසස්වීම් ලැබුවා.

    පසුගිය වර වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි කණ්ඩායම් අතුරින් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය මෙවර පළමු කොටස ටියර් ‘බී’ තරගාවලියට පහත හෙළා තිබෙනවා.

    ‘ඒ’ කාණ්ඩය – මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය,කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය

    ‘බී’ කාණ්ඩය – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නවසීලන්තයට කඩුලු 10ක සුපිරි ජයක්.

    February 10, 2026

    2026 විස්සයි විස්ස ලෝක කුසලානය: පාකිස්ථානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතයි

    January 27, 2026

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

    January 7, 2026

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරයි

    January 4, 2026

    සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට සැරසේ

    January 4, 2026

    මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?

    January 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.