Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»ගොසිප්»පකිස්තානයේ 17 වියැති ටික්ටොක් තාරකාව උපන්දිනයදා නිවසට ආ අයකු වෙඩි තබා මරලා
    ගොසිප්

    පකිස්තානයේ 17 වියැති ටික්ටොක් තාරකාව උපන්දිනයදා නිවසට ආ අයකු වෙඩි තබා මරලා

    KanchanaBy KanchanaJune 3, 2025Updated:June 10, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක වන සනා යූසුෆ් ඇගේම නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම සිද්ධිය ඉස්ලාමාබාද් නුවර ජී-13 ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා පළා ගොස් ඇත. 
    මාධ්‍ය වාර්තා අනුව ජූනි 2 වැනිදා සනාගේ 17 වැනි උපන්දිනය වූ අතර, ඇගේ උපන්දිනයේදී පුද්ගලයෙක් ඥාතියෙකු ලෙස නිවසට ඇතුළු වී තිබේ.
    පොලිසිය පවසන පරිදි සැකකරු පළමුව නිවස ඉදිරිපිට සනා සමඟ කතාබහ කර, පසුව ගෙතුළට ගොස් වෙඩි තබා ඇත. සනාට ඉතා සමීපව වෙඩි උණ්ඩ දෙකක් වැදී ඇති අතර, ඒ හේතුවෙන් ඇය සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇත.
    පකිස්ථානයේ සමා ටීවී වාර්තා කරන පරිදි සනා යූසුෆ්ගේ ඝාතකයා මේවනවිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පන්ජාබ් ප්‍රාන්තයේ අයෙකු වන අතර ඔහු සනා සමඟ කලින් සිටම දන්නා අයකු බවට හඳුනාගෙන තිබේ. මූලික විමර්ශනවලින් පෙනී යන්නේ ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බවයි.
    පොලිසිය සැකකරු සතුව තිබූ ඝාතනයට යොදාගත් ආයුධයද සොයාගෙන ඇත. නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කිරීමෙන් හා වෙනත් තාක්ෂණික සාක්ෂි ඇසුරෙන් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතී.

    සිද්ධියෙන් පසු සනාව වහාම PIMS රෝහලට රැගෙන ගිය නමුත්, වෛද්‍යවරුන් ඇය මිය ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත. මළ සිරුර පරීක්ෂා කිරීමෙන් පසු සනාගේ අවමඟුල ඉස්ලාමාබාද්හි පවත්වා ඇත.
    සනාගේ මව වන ෆර්සානා යූසුෆ් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පවසා ඇත්තේ හඳුනාගත නොහැකි පුද්ගලයෙක් ඔවුන්ගේ නිවසට ඇතුළු වී ඇගේ දියණියට වෙඩි උණ්ඩ දෙකක් එල්ල කළ බවයි. ඇය පවසා ඇත්තේ ඝාතකයා ඇය ඉදිරියට පැමිණියහොත් ඔහුව හඳුනාගත හැකි බවයි.
    වයස 17ක් වූ සනා යූසුෆ් මූලික වශයෙන් චිත්‍රාල් ප්‍රදේශයෙන් පැමිණි අයෙකු වන අතර, ඇය සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය චරිතයක් විය. සනා විනෝදාත්මක, ජීවන රටා, සංස්කෘතික දැනුවත්භාවය හා අධ්‍යාපනික පණිවිඩ සම්බන්ධ පළ කිරීම් සිදු කළාය.
    ටික්ටොක් හි සනාට අනුගාමිකයන් 725,000ක් පමණ හා ඉන්ස්ටග්‍රෑම් හි 500,000ක් පමණ අනුගාමිකයන් සිටිති. ඇගේ පෙනුම නිසා ජනතාව ඇය ප්‍රසිද්ධ නිළි හානියා ආමිර් සමඟ සංසන්දනය කළහ. සනා මෑතකදී වෛද්‍ය අධ්‍යාපනය සඳහා සූදානම් වෙමින් සිටියාය.

    පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය වූ ස්ථානයෙන් සාක්ෂි රැස් කර ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. ඝාතනය පිටුපස ඇති සැබෑ හේතුව තවමත් පැහැදිලි නොවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Kanchana

    Related Posts

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026

    ඉරාන බුද්ධි අංශ ඇමති ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

    March 18, 2026

    කැනඩාවේ බිහිසුණු වෙඩිතැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංවේගය

    February 12, 2026

    වෙනිසියුලා විපක්ෂය නියෝජනය කරන ස්ටිස් ෆස්ට් පක්ෂයේ නායකයා පැහැරගනියි.

    February 9, 2026

    එකම පවුලේ 11ට චීනය මරණ දඬුවම නියම කරයි.

    January 29, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.