වත්මන් ආණ්ඩුවට ජනතා ගැටලු විසඳීමට මුදල් නොමැති නමුත්, කැබ් රථ ගෙන ඒමට මුදල් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජප්පක්ෂ පවසනවා.
ඖෂධ ගෙන ඒමට, අල හා ලූණු ගොවීන්ගේ ගැටලුවට විසඳුම් ලබා දීමට, පොහොර ගෙන ඒමට රජයට මුදල් නොමැති බවත්, නමුත් කැබ් 1,775 ක් ගෙන ඒමට මුදල් ඇති බවයි අද (11) අයවැය විවාදයට එක් වෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.
කැබ් 1,775 ක් අවශ්‍ය බවට රජයේ කුමන විගණන වාර්තාවක දැක්වෙන්නේ දැයි ගැටලුවක් මතු වන බවද, රජය විසින් තමන් අමාරුවෙන් රට ගොඩ දමන බවට ප්‍රකාශ කරන බවත්, නමුත් කැබ් ගෙන ඒමට නම් ඔවුන්ට මුදල් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ආණ්ඩුව මුල් කාලයේ වාහන විකුණන බවට සඳහන් කරමින් සංදර්ශනයක් සිදු කළ බවත්, එම අවස්ථාවේදී හෝ අලුතින් වාහන ගන්නා බවට ප්‍රකාශ නොකළ බවයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජප්පක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකා #ජනතාගැටලු #පොදුජනපෙරමුණ #නාමල්රාජප්පක්ෂ #අයවැය #කැබ්රථ #මුදල්අඩු #ගොවීන්ගැටලු #ඖෂධ #රජය


