වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිඛෙනවා.

ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ.

රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතබවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අයවැය #විපක්ෂය #කොළඹ #සමගිජනබලවේගය #පාර්ලිමේන්තු #ආර්ථිකය #අනාගතය #වැඩමුළුව #විද්වතුන් #රංජිත්මද්දුමබණ්ඩාර

Share.
Leave A Reply

Exit mobile version