Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»‍අල්ලස් චෝදනාවලට පසුගිය වසරේදී 84ක් අත්අඩංගුවට අරන්
    උණුසුම් පුවත්

    ‍අල්ලස් චෝදනාවලට පසුගිය වසරේදී 84ක් අත්අඩංගුවට අරන්

    Bandara SenanayakaBy Bandara SenanayakaJanuary 27, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

    2025 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 130ක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ.

    එම අත්අඩංගුවට ගැනීම් අතරින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙන් වන අතර එම සංඛ්‍යාව 30කි.

    අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 9 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වන බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

    පොලිසියට අමතරව අධිකරණ අමාත්‍යංශය හා සම්බන්ධිත ආයතනවල පුද්ගලයින් 11 දෙනෙකු, ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5දෙනෙකු, ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු සහ ප්‍රාදේශීය සභාවල නිලධාරීන් තිදෙනෙකු ද අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    2025 වර්ෂය තුළ වැටලීම් මගින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් හැර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් සිදුකළ පරීක්ෂණවලට අදාළව පුද්ගලයින් 56දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වෛද්‍යවරුන්, ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සිටින බවය.

    ඊට අමතරව 2025 වර්ෂයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුද්ගලයින් 153දෙනෙකුට එරෙහිව නඩු පැවරීම් 115ක් සිදු කර ඇති අතර නඩු කටයුතු 69ක් අවසන් කර තිබේ.

    2025 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31වන දින දක්වා කාලය තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 8,409ක් ලැබී ඇති අතර එම පැමිණිලි අතරින් පැමිණිලි 569ක විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ. 

    මේ අතර රාජ්‍ය සේවය තුළ ඇති අල්ලස හා දූෂණය තුරන් කිරීමට සියලු දෙනාට වගකීම් පැවරී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

    පසුගියදා පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ උත්සවයකට එක්වෙමින් රංග දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.