ගංවතුර හා නායයෑමෙන් පීඩාවට පත් ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
ඒ පන්විලතැන්න රණසිංහාරාම විහාරස්ථානයේදීය.
සමාජ ක්‍රියාකාරී තරුණ නායක දිලීප සමරකෝන් මහතාගේ මූලිකත්වයෙන් මහර-කඩවත මානුෂීය හදවත්වල එකතුවෙන් මෙය සාර්ථකව සිදු කරන ලදි.
මිහිර සිරිතිලක,ෆර්නි රෝෂනී,චින්තක පීරිස්,වොෂිකා පෙරේරා යන ප්‍රවීණ රංගන ශිල්පීන් ඔවුන්ගේ දායකත්වය සැපයීම මෙහි විශේෂත්වයකි.
ඒ අනුව ගායන,වාදන,නර්ථන ආදියෙන් අවස්ථාව රසවත් විය. කලා ශිල්පීන් සම්බන්ධීකරණය කරනු ලැබුවේ සමාජ ක්‍රියාකාරී චාමර විජේසූරිය විසිනි.
තවද දරුවන්ගේ මානසික මට්ටම නංවාලීම සඳහා මනෝ උපදේශකවරු යටතේ විවිධ ක්‍රියාකරම් රැසක් පැවැත්විය. දරුවන් නව පාසල් වාරයට සූදානම් කරවමින් ඔවුන්ගේ හිසකෙස් නිසි පරිදි කැපීමට කරණවෑමියන්ද සහභාගී වීම තවත් විශේෂත්වයකි.
එමෙන්ම අවස්ථාවට සහයෝගය ලබා දෙමින් නුවර දිස්ත්‍රික් දිසාපතිතුමා,ගම්පොළ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ රාජ්‍ය නිලධාරීන්, ගම්පොළ තරුණ සේවා සභා නිලධාරීන් සහ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ යෞවන සමාජ වල තරුණ තරුණියන් මීට සහභාගී විය.
වැඩසටහන අවසානයේ වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පාසල් උපකරණ ආදී ටොන් 10ක පමණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ඔවුන්ට බෙදා දීමව සිදු විය.












