සෙන්ගල් ඔයෙන් පෝෂණය වන වැව් 05 ක් පිහිටි ආනවිළුන්දාව රැම්සා අභය භූමිය යනු දේශීය මෙන්ම විවිධ රටවල්වලින් පැමිණෙන සංචාරක පක්ෂීන් තම ප්‍රජනන කටයුතු සිදු කිරීමටත්, ඉන් අනතුරුව බිහිවන පැටවුන් සිය රටවල් කරා කැඳවා ගෙන යන තුරු රැක බලා ගනිමින් රැදී සිටින පරිසර පද්ධතියක්.
එමෙන්ම මෙම භූමියේ පිහිටි වැව් පද්ධතියේ රැස් වන ජලය මඟින් ප්‍රදේශයේ ගොවීන් රැසක් ද සිය කුඹුරු වගාව සිදු කරගනු ලබනවා.
කෙසේ වෙතත් පැවති අධික වර්ෂාවත් සමඟ එම භූමියේ පිහිටි මයියාව වැව් බැම්ම පුපුරා යාම නිසා එම වැව මේ වන විට සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඊට යාබදව පිහිටා ඇති සුරුවිල වැවෙහි බැම්ම ද ස්ථාන 08 කින් පමණ බිදී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
එම නිසා එම සුරුවිල වැවෙහි ජලය ද ආපසු මයියාව වැවට ගලා ගෙන යමින් පවතින බවත් එය පාලනය කිරීම සදහා ගොවීන් තාවකාලික පිළියම් යොදමින් පවතින බවද අප වාර්තාකරු සඳහන් කළා.
ඒ අනුව ප්‍රදේශවාසීන් පවසනුයේ පුපුරා ගොස් ඇති මෙම වැව් බැමි කඩිනමින් සකස් නොකළහොත් ප්‍රජනන කටයුතු සදහා මෙරටට පැමිනෙන සංචාරක පක්ෂීන්ට මෙන්ම එම ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට ද ඉදිරියේදී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනව බවයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

