පාර්ලිමේන්තුව අද (18) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තුව #අයවැය #කාරකසභාව #විවාදය #ආරක්ෂකඅමාත්‍යාංශය #මහජනආරක්ෂාව #පාර්ලිමේන්තුකටයුතු #වැයශීර්ෂ #දෙසැම්බර් #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version