ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන පරිදි ඇඹිලිපිටිය රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා රෝහලේ අවශ්‍යතා සඳහා මිලදී ගන්නා ලද රුපියල් 285,755 ක් පමණ වටිනා ගෘහ විද්‍යුත් උපකරණ හයක් අධ්‍යක්ෂවරයාගේ නිවසේ පරිහරණය සඳහා යොදාගෙන ඇති බවද පෙන්වා
දෙයි.
එසේම නිල නිවාස සඳහා ගෘහභාණ්ඩ සැපයීම සඳහාප්‍රතිපාදන නොමැති තත්ත්වයක් යටතේ අමාත්‍යාංශයේසැපයීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළගෘහ භාණ්ඩ ලබාගැනීම සඳහා අනුමැතිය ලබා දීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස නිරීක්ෂණය වන බවද එම වාර්තාවවැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා 2024 දෙසැම්බර් දෙවන දිනෙන් පසුව අදාළ නිල නිවස තුළ කුකුල් කූඩුවක්සකස් කරගෙන තිබූ අතර සිමෙන්ති ගල් හා දැල් යොදා ඉදිකර තිබූ නිල නිවසේ කොටසක් කඩා දමා ඇති බවදවිගණනයට නිරීක්ෂණය වී ඇත.
තවද නිල නිවස ඉදිකිරීමේදී යොදාගෙන තිබූ කම්බිකණු ගලවා ඉවත් කර තිබූ අතර ඒවා ගලවා ඉවත්කිරීමෙන් පසුව අස්ථානගතව තිබූ බවද වාර්තා වී ඇත.
අදාළ නිල නිවස අලුත්වැඩියාව සඳහා වරින් වර රුපියල් 158,221 ක් වටිනා ද්‍රව්‍ය මිලදීගෙන තිබුණත් එම මිලදී ගත් ද්‍රව්‍ය මොනවාදැයි යන්න විගණනයේදී හඳුනාගත නොහැකිවී ඇත.
මීට අමතරව රජයේ රෝහලේ ආරක්ෂක නිලධාරීන් නිවසේ ආරක්ෂාවටද යොදාගෙන ඇති බවත් මෙම කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා අමාත්‍යාංශය නිසි පරිදි විනයපරීක්ෂණයක් සිදුකොට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතුකර නොමැත.


