Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ
    උණුසුම් පුවත්

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    Bandara SenanayakaBy Bandara SenanayakaMarch 20, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධවද ජනාධිපතිවරයා අද පැහැදිලි කිරීමක් සිදු කළේය.

    ජනාධිපතිවරයා පෙන්වා දෙනුයේ තෙල් සංස්ථාව විසින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් සහ 43% පෞද්ගලික අංශය විසින් සපුරන බවය.

    ඒ අනුව පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා ඇති බවත් ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව හැකි ඉක්මනින් තීරණයක් ගත යුතුව ඇති බවත්ය.

    මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “මාර්තු මාසේ 24-25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක් එන්න තිබුණා අපිට බොරතෙල් එන්නේ ෆුජේරා වරායෙන්. නමුත් ඔබ දන්නවා ෆජේරා වරයාට සිදුවූ විපත. තව එන්න තිබුණා මෙට්‍රික් ටොන් 90,000ක නැවක් ඒක එන්නෙත් නෑ… බොරතෙල් නැව් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් තැන්. ඒ අනුව අපි මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩරයක් කෝල් කළා. ඒ ටෙන්ඩරය මේ 17 වැනිදා විවෘත කළා. අපි 5වැනිදා කෝල් කරපු ටෙන්ඩරයෙන් ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් ජෙට් A1 සහ බොරතෙල් නැව් 2කට. ඩීසල් නැවකට අපි ටෙන්ඩරය ප්‍රධානය කළා අප්‍රේල් 6-7 එනවා. පෙට්‍රල් එකක් අපි ප්‍රධානය කළා අප්‍රේල් 16-17 එනවා, දැවිතෙල් එකක් ප්‍රධානය කළා අප්‍රේල් 12-13 එනවා, ජෙට් A1 එකක් ප්‍රධානය කළා 10-11 එනවා අප්‍රේල්.

    එක ඩොලරයකින් තෙල් මිල වැඩිවුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩිවෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුව නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාම විසින් අපිට බලපෑමක් කරලා තියෙනවා. 

    ලෝකේ පුරා රටවල් ඉන්ධන මිල වැඩිවීම ගැන තීරණයක් අරන් තියෙනවා. ආසන්න වශයෙන් 6% ඉඳන් 50% දක්වා තෙල් මිල වැඩිවීමක් වෙලා තියෙනවා.  විශේෂයෙන්ම අපේ රට ගත්තොත් අපි 8%යි වැඩි කරලා තියෙන්නේ හැබැයි ලෝකේ 49% දක්වා වැඩි කිරීමක් වෙලා තියෙනවා. තෙල් මිල සම්බන්ධව ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තිබෙනවා. අපිට 57%ක් සපයන්නේ තෙල් සංස්ථාව. අපිට තෙල් සංස්ථාව විතරක් තිබුණානම් මේක මේ වෙලාවේ පාඩු ලබලා අනිත් වෙලාවේ ලාබ ලබනවායි කියලා කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි 43%ක් තියෙන්නේ පෞද්ගලික අංශයට. ඔවුන් කියන්නේ මොකක්ද ඔවුන් කියන්නේ  මේ මොහොතේ ගේන තෙල්වලට මේ මොහොතේ තිබෙන මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නෑ කියලා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ගණනය අනුව එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. එහෙම පාඩු වෙන්න කවුරුත් තෙල් ගෙන්නේ නෑ. මේ ඉන්ධන සැපයුම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ට් එකට අනුව විකුණගන්න ලැබුණොත් විතරයි. ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් සැලකිල්ලට ලක් කළ යුතුයි. 

    දැනට අපේ පනත අනුව සමාගම්වලට අවසර දීලා තිබෙනවා මිල වැඩිකරන්න. හැබැයි පනතෙන් තියනවා උපරිම මිල තීරණය කරන්නේ පෙට්‍රෝලියම් එක කියලා. අපි මේ සමාගම් එක්ක ගිවිසුම්වලට ගියාට පනතේ අවශ්‍ය සංශෝධන කරලා නෑ. අපේ තෙල්වලින් බදු ආදායම එන්නේ බිලියන 20යි. ගිය අවුරුද්දේ අපිට බිලියන 240ක ආදායමක් ඇවිල්ලා තියෙනවා ඩීසල් සඳහා බද්දෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026

    ඉරාන බුද්ධි අංශ ඇමති ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.