අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය එන්ජිමේ හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී නතර කර තිබෙනවා.
අද අලුයම 5.15ටයි මෙම දුම්රිය අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබුණේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ පසුව එහි සිටි මගීන් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය වෙත යොමු කළ බවයි.


