කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ, අත්හදා බැලීමේ පදනම මතහඳුන්වා දුන් නව Check-in කවුන්ටර 14 ක් ආරම්භ කර තිබෙනවා.
මාසයක් ඇතුළත මෙම ඉදිකිරීම් සිදු කළ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
ශීත සෘතුවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

