මුහුදේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින් පිරිසකට අද (05) හැකියාව ලැබී තිබෙනවා.
කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති අතර, සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 759ක් වනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබෙනවා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මුහුදේ #හෑෂ් #මත්ද්‍රව්‍ය #පොලිසිය #කටුකුරුන්ද #කළුතර #මත්ද්‍රව්‍යතොග #පරීක්ෂණ #අපරාධ #ශ්‍රීලංකා


