කිරින්ද ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිඛෙනවා.

එම සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බස්නාහිර පළාතේ උතුරු අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත, කිරින්ද ප්‍රදේශයේ දී මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329 ක තොගයක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කිරින්ද #අයිස්මත්ද්‍රව්‍ය #අත්අඩංගුව #තිස්සමහාරාම #පොලීසිය #අධිකරණය #මුහුදුමාර්ගය #අපරාධ #ශ්‍රීලංකා #නීතිපාලනය

Share.
Leave A Reply

Exit mobile version