කේරල ගංජා තොගයක් සමඟ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
එහිදී ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 4 ග්‍රෑම් 880ක පමණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

