ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical


