ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන, පැය 72 ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90 ක කාලයක් තව දුරටත් රදවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ගණේමුල්ල #සංජීව #ඝාතන #නීතිඥවරිය #අත්අඩංගුව #අපරාධපරීක්ෂණ #කොළඹ #මහෙස්ත්‍රාත් #සැකකරුවා #විමර්ශන

Share.
Leave A Reply

Exit mobile version