ඊයේ(7) දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් පුද්ගලයන් 28142 ක් පරික්ෂා කර 585ක් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දන්වා තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම කොට්ඨාශ මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙනවා.
මේ දිනවලදී සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී රථවාහන සහ වෙනත් වැරදි සඳහා 4301 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
තවද දිවයින පුරා කරන ලද විමර්ශනවලින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් නිසා සැකකරුවන් 69 දෙනෙකු සහ බීමත් රියදුරන් 128 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ,
දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ බව සෘජුව හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු සහ අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරින්තුකරුවන් 408 දෙනෙකුද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ, පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා මේ දිනවල ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවයි.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo
