ගොවි ජනතාවගේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර තියෙනවා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා

පෝෂ්‍යදායි ආහාරවේලක් ජනතාවට ලබා දෙන අතර ගොවි ජනතාවගේ ආර්ථිකය යහපත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහවැලි සී කලාපයේ මහවනාවෙල ග්‍රාමයේ ඊයේ ( 06) පැවති වප් මඟුල් උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවීමේ වගකීම සහ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ආහාරවල හිඟභාවයක් නැතිව ජනතාවට ආහාර සැපයීමේ වගකීමට උරදෙන එක තමයි අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය. පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට ලබා දෙන්නත් ඕනේ. ගොවි ජනතාවගේ ආර්ථිකය යහපත් කරන්නත් ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩ කිහිපයක් ආරම්භ කරලා තියෙනවා.

අපේ ජනාධිපතිතුමා හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000ක පොහොර සහනාධාර මුදල ආපු ගමන්ම රුපියල් 25,000ක් කළා, ආර්ථිකය කඩා වැටිලා තියෙද්දිත්. ඒක ගොවිජනතාවට ක්ෂණිකව ලැබුණු සහනයක්. ඊළඟට මේ අවුරුද්ද මුලදිම අපි තවත් වැඩක් කළා. කුඹුරු ඉඩම්වල වී නොවන අනෙකුත් බෝග වගා කරනවා නම් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් පොහොර සහනාධාරයක් ලබා දෙන්න තීරණය කළා. ඊළඟ කාරණය තමයි වී කිලෝග්‍රෑමයකට සාධාරණ මිලක් ගොවියට ලබා දීම. අපි ඒකට වැඩපිළිවෙළක් හැදුවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු ආයතනය එක්ක එකතුවෙලා. ඒ අනුව අපි වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම ආරම්භ කළා. අපි එනකොට වී අලෙවි මණ්ඩලයට තිබුණේ එක ලොරියයි. ඒකත් කොට උඩ. ගබඩා වල් වැදිලා. ගිය මාස් කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළා. ගොවියාට වී සඳහා හොඳ මිලක් ලැබුණා. මේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි කන්නයේ ගොවිජනතාවට හොඳ මිලක් ලැබුණා. ඒ ගැන අපිට සතුටුයි.

මේ දවස්වල රටේ බී ලූණු වගේම අල ප්‍රශ්නයක් තියෙනවා. යම්තාක් දුරකට ඒ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. අපේ බලාපොරොත්තුවක් නැහැ වී වගා කරන බිම් ප්‍රමාණය වැඩි කරන්න. අපි කළ යුත්තේ අස්වැන්න වැඩි කර ගැනීමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පටන් අරගෙන තියෙනවා යාය 500 වැඩසටහන. ඉන් බලාපොරොත්තු වෙන්නේ බෝගයට නිසි පරිදි, අවශ්‍ය වේලාවට, අවශ්‍ය පෝෂණය ලබා දීලා වැඩි අස්වැන්නක් ගන්න. රසායනික පොහොර අඩු කරන්න නෙවෙයි අපි යන්නේ. ගහට අවශ්‍ය පොහොර නිසි ප්‍රමාණයෙන් ලැබෙන්න ඕනේ. ඒ කාබනික පොහොර වුණත්, රසායනික පොහොර වුණත්. ඒ වගේම අපට සමාජයක් අවශ්‍යයි. එකිනෙකාට ආදරය කරන සමාජයක් ඕනේ. සහකම්පනය දැනෙන්න ඕනේ. සමාජයේ තියෙන වසවිස ටික ඉවර කරන්න ඕනේ. අද වසවිසවලට හැමෝම ගොදුරු වෙලා. දැන් නීතිය තදින් ක්‍රියාත්මකයි. “

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ගොවිජනතාව #ආර්ථිකය #කෘෂිකර්ම #පශුසම්පත් #ඉඩම් #වාරිමාර්ග #පෝෂ්‍යදායි #ආහාර #වැඩසටහන් #ජාතිකසමෘද්ධිය

Share.
Leave A Reply

Exit mobile version