චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ තෙවන අදියරේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් තීරණය ලබන මාර්තු 16 වැනිදා ප්රකාශයට පත් කරන බව යාපනය මහේස්ත්රාත් අධිකරණය දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්රාත් අධිකරණයේදී අද (09) පෙරවරු 09.30 ට කැඳවූ අතර, එහිදී මෙම සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර තිබෙනවා.
ඉන් අනතුරුව එම ස්ථානය නිරීක්ෂණය කළ මහේස්ත්රාත් එස්. ලෙනින්කුමාර් විසින් එහි ඊළඟ නඩු විභාගය ලබන මාර්තු 16 වැනිදා සිදු කිරීමටත්, එදිනම සමූහ මිනීවළෙහි තෙවන අදියරේ කැණීම් සඳහා දින නියම කිරීමටත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

