Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

    April 10, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 දක්වා රිමාන්ඩ්

    April 10, 2026

    ආසියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වන ලකුණු

    April 10, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ජවිපෙ මූලස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙක් පක්ෂ කාර්යාල වලටත් එසේම දෙන්න-සුගීශ්වර බණ්ඩාර-
    උණුසුම් පුවත්

    ජවිපෙ මූලස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙක් පක්ෂ කාර්යාල වලටත් එසේම දෙන්න-සුගීශ්වර බණ්ඩාර-

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 10, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයට STF ආරක්ෂාව ඇතුළු පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂ කාර්යාලවලටද එවැනි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමා අද(10) දිනයේදී පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා.

    ජනපතිවරයා සහ අගමැතිවරිය පැලවත්ත පක්ෂ මූලස්ථානයේ සිටින විට ආරක්ෂාව ලබා දුන්නාට ගැටළුවක් නොමැති බවත් නමුත් ඔවුන් දෙදෙනා නොමැති අවස්ථාවලදී ද දිගටම පැලවත්ත පක්ෂ මූලස්ථානයට ආරක්ෂාව ලබාදී තිබෙන්නේ කුමන පදනමකින්ද කියා තමා විමසන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරන විට එවකට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාවක් මේ ආකාරයෙන් අඛණ්ඩව ලබා නොදුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරන විටත් එවැනි ආරක්ෂාවක් ඩාර්ලි පාරේ කාර්යාලයට අඛණ්ඩව ලබා නොදුන් බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලබනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන විට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට අඛණ්ඩ ‍පොලිස් ආරක්ෂාවක් ලබා නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනාධිපති වශයෙන් කටයුතු කරන විට බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට ද මේ ආකාරයට අඛණ්ඩ පොලිස් ආරක්ෂාවක් ලබා නොදුන් බවත් සුගීශ්වර බණ්ඩාර පෙන්වා දෙනවා.

    ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට STF ආරක්ෂාව හා පොලිස් ආරක්ෂාව අඛණ්ඩවම ලබා දෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂවල ප්‍රධාන කාර්යාලවලටද ඒ ආකාරයට ආරක්ෂාව ලබා දෙන ලෙස තමා පොලිස්පතිවරයාගෙන් අද දින ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බවයි සුගීශ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

    April 10, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 දක්වා රිමාන්ඩ්

    April 10, 2026

    ආසියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වන ලකුණු

    April 10, 2026

    පෞද්ගලික සරසවි සිසුවාගේ ඝාතනය ගැන තවත් කරුණු හෙළිවෙයි

    April 10, 2026

    පාර්ලිමේන්තුව ඉදිරිපිට සජබෙන් විරෝධතාවක්

    April 10, 2026

    පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් හෝටලකදී ගුටිබැට හුවමාරුවක – සිසුවෙකු මරුට

    April 10, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

    April 10, 2026

    අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ…

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 දක්වා රිමාන්ඩ්

    April 10, 2026

    ආසියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වන ලකුණු

    April 10, 2026

    ජවිපෙ මූලස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙක් පක්ෂ කාර්යාල වලටත් එසේම දෙන්න-සුගීශ්වර බණ්ඩාර-

    April 10, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

    April 10, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 දක්වා රිමාන්ඩ්

    April 10, 2026

    ආසියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වන ලකුණු

    April 10, 2026

    ජවිපෙ මූලස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙක් පක්ෂ කාර්යාල වලටත් එසේම දෙන්න-සුගීශ්වර බණ්ඩාර-

    April 10, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

    April 10, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 දක්වා රිමාන්ඩ්

    April 10, 2026

    ආසියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වන ලකුණු

    April 10, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.