ජාතික ජන බලවේගයේ ‘රටම එකට’ යන නමින් යුත් ‘කුඩු අල්ලන මෙහෙයුම’ පක්ෂ අභ්‍යන්තරයේම ‘කුඩේ කුඩු’ වී ඇති බව සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ පවසනවා.

කුඩුකාරයන් ඇල්ලීමේ දී, නිරන්තරයෙන් පොහොට්ටුවට චෝදනා කළ බවත්, එලෙස පොහොට්ටුවේ කුඩුකාරයන් ඇල්ලීමට කටයුතු කළේ මාලිමාවේ කුඩුකාරයන්ට උදව් කිරීමට දැයි ගැටලුවක් මතුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද, එහෙත් එම වැඩසටහන පවත්වන අවස්ථාව වන විටත් අදාළ මන්ත‍්‍රීවරියගේ පුත්‍රයා අත්අඩංගුවට පත්ව සිට ඇති බව ද, නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි කිරීමට කටයුතු නොකළ බව ද ඔහු සඳහන් කළා.

‘පාරේ සිටින බල්ලන්ට’ එන්නත් කිරීමට පෙර, තමන්ගේ ‘ගෙදර සිටින බල්ලන්ට’ එන්නත් කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාට සිහිපත් කරන බවයි සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේගය #රටමඑකට #කුඩුඅල්ලනමෙහෙයුම #සමගිජනබලවේගය #චරිත්අබේසිංහ #පොහොට්ටුව #මත්ද්‍රව්‍යජාවාරම් #දේශපාලනරැකවරණය #අත්අඩංගුවට #බල්ලන්ටඑන්නත්කරන්න

Share.
Leave A Reply

Exit mobile version