ශ්‍රී ලංකාව තරඟකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස තහවුරු කිරීම සඳහා විනිවිධභාවය සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ජාතික තීරු බදු ප්‍රතිපත්තිය 2024.06.11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තිබෙනවා.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව 2025.05.15 දින ස්ථාපිත කරනු ලැබුවා. පසුව සිදු කරනු ලද රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන් අනුව උදාහරණයක් ලෙස 2024 දෙසැම්බර් 31 දිනෙන් ඔබ්බට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ අඛණ්ඩව පවත්වාගෙන යාම ආදී ඇතැම් බදු නීතී සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා අවිනිශ්චිතතාවයන් මඟ හැරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ඇතැම් විධි විධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව හඳුනා ගෙන තිබෙනවා. එසේ හඳුනාගනු ලැබූ සංශෝධනයන් මත පදනම්ව ජාතික තීරු බදු ප්‍රතිපත්ති සංශෝදනය පිණිස මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන ඇමතිතුමා කළ යෝජනාවට අනුමැතිය ලබා දුන්නා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකාව #තරඟකාරීවෙළෙඳ #ආයෝජන #ජාතිකතීරුබදු #අමාත්‍යමණ්ඩල #බදුප්‍රතිපත්තිය #ආර්ථිකසංවර්ධනය #විනිවිධභාවය #පුරෝකථනය #බදුනීති

Share.
Leave A Reply

Exit mobile version