Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි
    උණුසුම් පුවත්

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 9, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් අනාගතය තවදුරටත් හැඩගස්වමින්, MyDialog App හරහා භාවිත කළ හැකි ‘ගනුදෙනු QR’ සේවාව හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම නවතම QR මුදල් ගෙවීම් සේවාව හරහා Dialog Finance සහ eZ Cash ගිණුම් මගින්, ක්ෂණිකව තවත් ඕනෑම ගිණුමකට මුදල් යැවීමේ හා ගෙන්වා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවේ. ඒ අනුව, සෘජු වෙළෙඳ ගනුදෙනු අභිබවා පුද්ගලයින් අතර සිදුකෙරෙන පෞද්ගලික ගනුදෙනු සඳහාද ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කරගත් මෙම නවතම ක්‍රමවේදය හරහා පහසුව සලසා තිබේ. ඉන්, ශ්‍රී ලංකාව සම්බන්ධතාවෙන් යා කරන අතරම, මුදල් රහිත ගනුදෙනු සංස්කෘතියක් හා ඩිජිටල් අන්තර්කරණයෙන් යුත් සමාජයක් ගොඩනගමින්, රටේ ඩිජිටල් පරිවර්තනය උදෙසා දායකවීම අරමුණයි.

    QR තාක්ෂණය ඔස්සේ මුදල් ගෙවීමටත්, අනෙකුත් ගනුදෙනු සිදුකිරීමටත් පාරිභෝගිකයින් තුළ පවතින අධික උනන්දුව සැලකිල්ලට ගනිමින් හඳුන්වාදුන් ‘ගනුදෙනු QR’ මගින්, පුද්ගලයින් අතර සෘජු මුදල් ගනුදෙනු දැන් කිසිදු බාධාවකින් තොරව ඉතාමත් සරලව කරගැනීමට හැකියාව පවතී. ඒ හරහා රු. 5,000 ක් දක්වා ගනුදෙනු කළ හැකි අතර කිසිදු සේවා ගාස්තුවක් අය නොකෙරේ. ඒ අනුව, වියදම් බෙදාහදා ගැනීම, සාමාන්‍යයෙන් පුද්ගලයින් අතර කෙරෙන සුළු ගනුදෙනු මෙන්ම, මිතුරන් හා පවුලේ සාමාජිකයන් අතර ගනුදෙනු ආදී ඕනෑම ගනුදෙනු අවශ්‍යතාවයක් පහසුවෙන් ඉටුකර ගැනීමට මෙය ඉතා කාර්යක්ෂම විසඳුමකි. LankaPay ජාලය සමඟද ඒකාබද්ධ කර ඇති මෙම සේවාව හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිත සියලු බැංකු, මූල්‍ය ආයතන හෝ Fintech platforms හරහා පහසුවෙන්ම මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව පවතී.

    සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දියත් කරන ලද ‘ගනුදෙනු QR’ සේවාව, උත්සව සමයට පමණක් සීමා නොවන අතර, එය සාම්ප්‍රදායික ගනුදෙනු සඳහා සුදුසුම, කාලෝචිත ඩිජිටල් විකල්පයකි. මෙවර අවුරුදු සමයේ පාරිභෝගිකයින් වෙත පිරිනමන අමතර වාසියක් ලෙසින්, MyDialog App හි මෙම ‘ගනුදෙනු QR’ සේවාව භාවිතයෙන් ප්‍රථම වරට මුදල් යැවීම සිදුකරන පාරිභෝගිකයින් සඳහා 2GB නොමිලේ data ද පිරිනමනු ලැබේ.

    මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ මෙලෙසයි. “මෙරට ඩිජිටල් අන්තර්කරණයෙන් හා සම්බන්ධතාවයෙන් වඩාත් බැඳුණු ඩිජිටල් ආර්ථිකය හැඩගැස්වීමට ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද තීරණාත්මක බලපෑමක් ඇති කරන බවයි. ‘ගනුදෙනු QR’ හඳුන්වාදෙමින්, ශ්‍රී ලංකාවේ QR ගෙවීම් ක්‍රමය වෙළෙඳ කටයුතුවලට පමණක් සීමා නොකර, සෘජු ගනුදෙනු සඳහා ද ව්‍යාප්ත කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කර තිබෙනවා.ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට දැන්, වඩාත් සරල ක්‍රමවේදයක් ඔස්සේ, කිසිදු බාධාවකින් තොරව තම ගනුදෙනු සිදුකළ හැකියි. මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට අපට සහය වුණු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ LankaPay ආයතනය වෙත අපගේ ස්තූතිය පුද කිරීමට කැමතියි. විශේෂයෙන්ම, රුපියල් 5,000 දක්වා ගනුදෙනු සීමාවට යටත්ව, අය කරන සේවා ගාස්තු ඉවත් කිරීමට හැකි වුණේ, එම ආයතනවල අගනා සහය අපට ලැබුණු නිසයි. ශ්‍රී ලංකාව මුදල් රහිත ඩිජිටල් ආර්ථිකයක් කරා රැගෙන යන ඵලදායී ගමනේ එවැන්නක්, සුවිශේෂී පියවරක් විදිහට සලකන්න පුළුවන්.”

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සැමට සමාන අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීමේ දැක්ම පෙරදැරිව, ශ්‍රී ලාංකිකයින්ගේ අනාගතය සරුසාර කිරීමට කටයුතු කරන ඩයලොග් සමාගම, පාරි‌භෝගිකයින්ගේ එදිනෙදා කාර්යයන් වඩාත් සරල හා පහසු කරන සේවාවන් සඳහා අඛණ්ඩ ආයෝජන සිදුකරයි. ‘ගනුදෙනු QR’ හඳුන්වාදීමෙන් ඩයලොග් සමාගම නැවත නැවතත් තහවුරු කරන්නේ, ප්‍රායෝගික ඩිජිටල් විසඳුම් ශ්‍රී ලාංකීය ජනතාව අතට පත් කිරිමට කැපවන අතරේ, මෙරට ඩිජිටල් ප්‍රගමනය උදෙසා නිරන්තර දායකත්වය දැක්වීමටයි.

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ “සෑම අරමුණක්ම” සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල…

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.