ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබුණු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

තුසිත හල්ලොලුව අද දින සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ පෙනී සිටි අතර, ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා සැත්කමකට භාජනය වී සිටි නිසා ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි සඳහන් කළේ.

සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත්, ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළ අතර, නඩුව යළි ජනවාරි 22 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #තුසිතහල්ලොලුව #කොළඹඅධිකරණය #නීතිපද්ධතිය #වරෙන්තු #අධිකරණය #ජාතිකලොතරැයි #නීතිඥ #අධිකරණප්‍රතිපත්ති #සමාජය #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version