ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000 කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.
1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අනුව, දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289 ක් පවතින බවයි සඳහන් වන්නේ.
ඉන් නඩු 1,683 ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.
ළමුන්ට අදාළව කරනු ලබන අසභ්‍ය පළ කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෲරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

